විද්‍යුත් ධාරාවේ චුම්භක ඵල
 
විදුලි ධාරාවක් මඟින් චුම්භක බලයක් ඇතිකළ හැකිය.
මෙය ප්‍රථමයෙන්න් ලොවට හදුන්වා දුන්නේ 1819 වර්ෂයේදී ඩෙන්මාර්ක් ජාතික විද්වතකු වන අර්ස්ටඩ් විසිනි.මේ පිළිබදව පසුව විවිධ විද්වතුන් මගින් විවිධ පර්යේෂණ කිරීමෙන් පසුව මෙය පිළිබදව වටිනා තොරතුරු විශාල ‍රමාණයක් සොයාගත්තේය.

පහත ක්‍රියාකාර කම බලන්න.

ප්‍රථමයෙන් සෘජු තඹ කම්බියක් ගෙන එය පොළවේ උතුරු දකුණු දිශා ඔස්සේ තබන්න. දැන් තඹ කමිබියට ආසන්නයෙන් මාලිමාවක් ද ඉන් පසු එම කම්බියට බැටරි කීපයක් ද පහත රූපයේ පරිදි සවිකරන්න.


දැන් ඔබ මාලිමාවේ ස්වීචය විවෘත හා සංවෘත කර බලන්න (on, off),මෙහිදී මාලිමාවේ කටුවේ සිදුවන වෙනස් වීම් නිරීක්ෂණය කරන්න.

ධාරාවක් ගෙන යන සන්නායකයක් අසල චුම්බක බලයක් එනම් චුම්බක ක්ෂේත්‍රයක් පතින බව දැන් ඔබට වැටහෙනු ඇත.
මෙලෙස ඇති වන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ධාරාව ගලන දිශාව අනුව වෙනස් වන බවද ඔබට මෙම ක්‍රියාකාරකම මගීන් දැක ගත හැක.