දම්වැල් මැනුමේ ඉතා වැදගත් කාර්යයක් වන්නේ අනුලම්භ ගැනීම යි. එළන ලද දම්වැල් රේඛාවල සිට ඉඩමේ මායිම්වලට සහ අනෙකුත් දත්තවලට ඇති සාපේක්ෂ සම්බන්ධතාව මැනගැනීම අනුලම්භ ගැනීම මගින් සිදු කරයි. සරල ව ගත් කළ මැනුම් රේඛාවේ සිට එනම් දම්වැලේ සිට දත්ත සඳහා ඇති දුර මැන ගනු ලැබේ. ප්‍රධාන වශයෙන් අනුලම්භ වර්ග දෙකක් සමඟ ක්‍රියාවලිය සිදු කෙරේ.