දම්වැල් මැනුමේ දී යෙදෙන පද

Link

  ප්‍රධාන මැනුම් රේඛාව (Baseline)

දම්වැල් මැනුමේ දී සම්පූර්ණ භූමිය ආවරණය කළ හැකි සරල රේඛීය ව මැන ගත හැකි දිග ම රේඛාව ප්‍රධාන මැනුම් රේඛාව ලෙස හඳුන්වයි. මෙය ආධාරක රේඛාව ලෙස ද පාදම් රේඛාව ලෙස ද හඳුන්වන අවස්ථා ඇත. සිතියම් ගත කිරීමේ දී කඩදාසිය මත මුලින්ම ඇඳ ගන්නේ මෙම රේඛාවයි. ත්‍රිකෝණවල අනෙකුත් පාද සියල්ල මෙය පදනම් කරගෙන නිර්මාණය කරන්නේ චාප ඡේදනය මඟිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017