දම්වැල් මැනුමේ මූලධර්ම

Link

  දම්වැල් මැනුමේ ප්‍රධානම මූලධර්මය ත්‍රිකෝණිකරණයයි. මෙහි දී මැනිය යුතු ඉඩම ඇතුළත ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒවා මඟින් ත්‍රිකෝණ එකකට හෝ කිහිපයකට බෙදා වෙන් කෙරේ. මෙහි දී ත්‍රිකෝණ පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. ත්‍රිකෝණ ගණන වැඩි ප්‍රමාණයක් තොරා ගත හොත් එය මැනුමේ අවසාන දෝෂයේ අගය ද වැඩිවීම කෙරේ බලපායි.

මේ අනුව හැකි තරම් අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවකින් ක්‍රයාවලිය සිදු කළ යුතු ය. එමෙන් ම මෙහි දී යොදාගන්නා ත්‍රිකෝණ මනාව සැකසූ ත්‍රිකෝණ විය යුතු ය. එනම් ත්‍රිකෝණවල සෑම කෝණයක ම අගය 300 වඩා වැඩි සහ 1200 ට වඩාඅඩු විය යුුතුය. මෙසේ නොවන ත්‍රිකෝණ තෝරා ගත හොත් ඒවා ඇඳීමේ දී ගැටලු මතු වේ. මෙහි දී ත්‍රිකෝණවල කෝණ අගයයන් මනිනු නොලබන අතර ඇස් මට්ටමෙන් එය තීරණය කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017