විසිහයවන කොටස
 

බමුණු මංමුළාව සඳමහ රජතුමන් ලගට දරුවන් ගෙනයෑම බමුණුට
හා වස්‌තුව දී සඳමහ රජතුමන් විසින් දරුවන් නිදහස්‌ කිරීම

බමුනු එදා නර නිඳුට වැඳා දරු දෙදෙන යැදා දන්ගෙන තොසිනේ
දෙදරුසො ඳ ගොන් බාන ලෙඳා බැඳ තරව ඇඳා තලමින් වැලිනේ
වෙහෙස මුදා තැන තැනම හිඳා පළවැල නොම දා නෙලමින් කමිනේ
එවන මැදා බිය වෙමිනි හඳා ගියෙ යකෙකු ලෙඳා බිලිගත් දරුනේ

අඳුරුවේ ලා එනු දුටුව කලා ඌ කරපු ලොලා කෙරුමක මහිමේ
දෙවියො බලා හෙනහතගහ ලා හතරට පැලිලා සුන්වන තරමේ
ගහක මුලා දෙදරුන් බැඳලා ගහ උඩට වෙලා එලිවෙනතුරුමේ
එහි ඉඳලා ඉරපෑවූ කලා බැස ඉන් මුදා ලා ගෙන යයි පසුමේ

අමර ඟනා එම වන වසනා කුමරුන් දෙදෙනා වෙත බැති සිතිනේ
ලංවෙමිනා මව් පිය වෙසිනා බැදි බැමිද උනා බය දුරලමිනේ
පිය බසිනා සිතු සනසමි නා දී රස බොජුනා සතපා යහනේ
එලිය උනා සමගම තිබුණා වගෙ යොදවමිනා අස්‌වෙති හෙමිනේ

එම බමුනා මරු ලං වෙමිනා විකලව ගොසිනා ජයතුරු පුරටා
තෙද දරනා සඳමහ නරනා දැක සිටිය තැනා බලමින් එවිටා
දරුදෙදෙනා දැකලා අඳුනා හද තද දුකිනා තතු දැන සොඳටා
කිව් පමණා වස්‌තුව දෙමිනා දරුවන් දෙදෙනා ගති ඉක්‌මනටා

උදර පුරා කා රස අහරා සොඳ බැරුව දිරා ගන්නට එදිනේ
රජමැදුරා අඟුවක වැතිරා දුක්‌ විඳ සතරා එතනම මැරුනේ
කිසි අපරාදය නැති කුමරා කුමරිට එව රා තැලු රුදු පවිනේ
නිතර බුරා ගිණි දැල් පතරා එන රුදුරු නිරා ඇතුලට වැදුනේ

(c) Shilpa Sayura Foundation 2006-2017