උක්‌ත ආඛ්‍යාත සම්බන්ධ පොදු රීති - 1
 

අප ලියනා වාක්‍ය උක්‌ත ශෛලිය හා අනුක්‌ත ශෛලිය ලෙස වර්ග දෙකකට අයත් වේ.

උක්‌ත ශෛලිය උදාහරණයක්
ළමයි ශිල්ප උගනිති.
එනම් කතෘ (ළමයි) , කර්ම (ශිල්ප), ක්‍රියා පද (උගනිති)
මෙහි ළමයි උක්ත වන සේ පද ගලපා ඇත. ප්‍රධාන වන්නේ ළමයි ය.

අනුක්‌ත ශෛලිය උදාහරණයක්
ළමයි ශිල්ප උගන්නා බවක්‌ දක්‌නට නැත.
එනම් ළමයි අනුඋක්ත වන සේ ගලපා ඇත.
මෙහි ළමයි හා ශිල්ප දෙකම අප්‍රධාන ලෙස හැගේ.

උක්‌තය බහු වචන නම් ආඛ්‍යාතය ද බහු වචන වේ.
කෙල්ලෝ පංතියට දුව ආහ.

උක්‌තය හා ආඛ්‍යාතය එකම ලිංගයක විය යුතුය.
සිරිමලී දර කැඩුවාය.

එක වාක්‍යයක තිබිය හැක්‌කේ එක උක්‌තයක්‌ හා එක්‌ ආඛ්‍යාතයක්‌ පමණි. වාක්‍යයේ යෙදෙන අනිත් නාම හා ක්‍රියා අනුක්‌තව (අප්‍රධානව) තැබිය යුතුයි.

උදාහරණය :
බල්ලන් බුර එන කල ගෙය බිඳින්නට රැක සිටි සොර මුළ පලා ගියහ.

ආඛ්‍යාතය අභිමත කාලයට අනුව යෙදිය යුතුය. අනාගත කාල ක්‍රියා පද නැති බැවින් අනතීත එනම් වර්තමානයේ රූප භාවිතා කෙරේ.

නොලසා එමි සොඳුර (කාව්‍යශේකරය)
මම ද එමි එම දින (ගුත්තිලය)
මම ලබන සතියේ යමි/එමි.

එන මාසේ නැවත එනවා යන වාක්‍යය විමසන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017