මෙතැනදී මුළු ලෝකය ගැනම කතා කිරීම දුෂ්කරය. එහෙයින් ජපානය, මෙක්‌සිකෝව සහ චීනය යන රටවල් තුන ගැන පමණක් සලකා බලමු. ජපානය කාර්මික රටකි. මෙක්‌සිකෝව සංවර්ධනය වන රටකි. චීනය කොමියුනිස්‌ට් රටකි.
දූපත් සංඛ්‍යාවකින් සෑදුණු ජපානයේ ජනගහණය මිලිය 20කට වැඩිය. ආසියාවේ ජාතීන් අතර ඉහළම ජීවන මට්‌ටමද සාක්‌ෂරතාවද ඇත්තේ ජපානයේය. ස්‌වභාවයෙන්ම මාධ්‍ය පද්ධති මේ නිසා විස්‌තරාත්මක ` ප්‍රලෝහනාත්මකය. පුවත්පත් 125කට වඩා ඇති පත්‍රවල දනකට සංසන්දනය මිලියන 65කි. මේ සංඛ්‍යාව ඇමෙරිකාවටත් වඩා වැඩිය. දවසකට මිලියනයකට වඩා අලෙවි වන පත්‍ර 15ක් ඇත. මුළු ඇමෙරිකාවේම එවැනි පත්‍ර ඇත්තේ තුනකි. ජපානයේ මිනිසුන් 1000ක් අතර පත්තර 652ක් අලෙවි වෙයි. මෙය ඇමෙරිකාවට වඩා වැඩිය. ලෝකයෙන්ම වැඩි ප්‍රමාණය එයයි. ප්‍රධාන ජාතික පුවත්පත් 5කි. යොමිඋරි ශිම්බුන් පත්‍රයේ උදේ සහ සවස පත්‍ර අලෙවිය දිනකට මිලියන 13ක් ඉක්‌මවයි. ධය ලෝකයේ වැඩිම අලෙවියයි. ක්‍රීඩා සම්බන්ධ පත්තර දහයක් දොළහක් ඇත. තෝකියෝවේ පමණක් පත්‍ර 12ක් ඇති. එයින් තුනක් ඉංග්‍රීසිය. ජපානයේ ගෙවල් වලින් සියයට 98ක්‌ම කුමක් හෝ පත්‍රයකට දායක වී සිටියි. ප්‍රවෘත්ති සඟරා දෙකක් තිබේ. එකක් ව්‍යාපාරික සඟරාවකි. අනික වර්ණ පින්තුර සහිත ෆෝකස්‌ය. විලාසිතා, ආයෝජන, සෞඛ්‍ය හා නිවාස ගැන කියන තවත් විවේක කාල සඟරාවක් නම් බොක්‌ස්‌ය.
ජපානයේ තාක්‌ෂණික වශයෙන් අති දියුණු විද්යුත් මාධ්‍ය පද්ධතියක් ඇත. රජය සතු වාණිජ්‍යය නොවන ජැපැන් බ්‍රෝඩ්කාස්‌ටින් කෝපරේෂන් නිප්පොන් හොසො ක්‌යෝකයි නිර්මාණය කෙරුණේ බීබීසී යට අනුකුලවය. වාර්ෂික අය වැය ලේඛනය ඩොලර් බිලියනයකට වඩා වැඩිය. එම මුදල් ලැබෙන්නේ වර්ෂපතා නරඹන්නන්ගෙන් අය කෙරෙන රූපවාහිනී යන්ත්‍රවලට ගන්නා අවසර පත්‍රවලිනි. වර්ණ රූපවාහිනියකට වර්ෂයකට ඩොලර් 50කි. රුපියල් 5000ක් පමණය. කළුසුදු රූපවාහිනියකට වර්ෂයකට ඩොලර් 30කි. රුපියල් 3000ක් පමණය. එන්එච්කේ සේවයේ නාලිකා තුනකි. ඒ සමඟ තරඟ කරන වාණිජ රූපවාහිනී ජාල පහක් ඇත. ගුවන්විදුලිය සහ රූපවාහිනිය මුළු රටම සියයට සියයක් ආවරණය කරයි. මුළු රට පුරා පැතිරෙන පරිදි විකාශක 11100ක් ඇත. සියලුම වැඩසටහන් ජපානයේ නිෂ්පාදිතය. ඇමෙරිකානු නිෂ්පාදන ජපානයේ ජනතා ප්‍රසාදයට ලක් වී නැත. ඩලස් වැනි ජනප්‍රිය වැඩසටහන් මාලාව පවා බිඳ වැටුණි. ජපාන නිවාසවලින් සියයට 17ක පමණ කේබල් රූපවාහිනිය නරඹති. ගෙවල්වලින් සියයට 70ක පමණ වීඩියෝ කැසට් රෙකෝඩර් ඇත. වීඩියෝ මෘදුකාංග ව්‍යාපාරය ඉතා සරුසාරය.
කදුවැටි ගණ නිසා ජපානය සෘජු රූපවාහිනී චන්ද්‍රිකා පද්ධතියක් වැඩිදියුණු කරයි. 1991දී ජපානයේ වැඩිපුරම අලෙවි වූයේ චන්ද්‍රිකා ටියුනර් එකක් සහ චන්ද්‍රිකා ග්‍රහණ දීසියක් සහිත රූපවාහිනී කට්‌ටලය. ඒවා අඟල් 24ක පමණ විෂ්කම්භයකින් යුක්‌තය ජනේලයෙන් පිටත සවිකළ හැකි ඒවාය. එන්.එච්.කේ. ආයතනය සෘජු රූපවාහිනී පද්ධති වර්ධනය කිරීමට ඩොලර් බිලියන දෙකක් පමණ වැය කළාය. චන්ද්‍රිකා නාලිකා දෙකක් විසිත්ත කාමරවලට රූපවාහිනී වැඩසටහන් විකාශනය කරයි. සමහර වැඩසටහන් ඬ කෑවූ ඒවාය. එච්.ඩී.ටී.වී යනුවෙන් හදුන්වන අතිවිස්‌තාරිත රූපවාහිනියද මෙම නාලිකා ඔස්‌සේම විකාශ වෙතත් ඒවා ළගා වන්නේ සීමාසිත ගෙවල් ප්‍රමාණයකටය. හේතුව එහි මළ අධික වීමයි. එක අතිවිස්‌තාරිත රූපවාහිනී යන්ත්‍රයක් ඩොලර් 18000කි. 1995 සිට තවත් සෘජු රූපවාහිනී පද්ධති පහක්‌ද අතිවිස්‌තාරිත රූපවාහිනී පද්ධති පහක්‌ද ක්‍රියාවට නැංවෙයි.
මෙක්‌සිකෝව වැනි සංවර්ධනය වන රටක මාධ්‍ය පද්ධතිය ආර්ථිකය, දේශපානය සහ භුගෝලය යන කරුණුවල බලපෑමට යටත් වෙයි. ජනගහණය මිලියන 86කි. සාක්‌ෂරතාව සියයට 75කි. විශාල ලෙස විදේශ ණයගත් මේ රටේ උද්ධමන වේගය සියයට විස්‌සක් බැගින් වාර්ෂිකව ඉහළ යයි. ධනවතුන් හා දුප්පතුන් අතර විශාල පරතරයක් ඇත. නගරවල උගතුන් වැඩිය. රජය මාධ්‍ය ආයතන ගැන දක්‌වන ආකල්පය තද පාලනයේ සිට ලිහිල් බව දක්‌වා විවිධාකාරය. මෙක්‌සිකෝවේ දිනපතා පුවත්පත් ගණන 355කි. පිටපතක සංසරණය 155000කි. එය වැඩිම සංඛ්‍යාවයි. රජය සහ පාලක දේශපාලන පක්‌ෂය පුවත්පත් මුද්‍රණ කඩදාසි බෙදා දීම පාලනය කරයි. රජයට විරුද්ධව ලිවීම කළහොත් හදිසියේම යඑට දෙන මුද්‍රණ කඩදාසි කෝටාව කැපී යයි. ක්‍ෂජය චන්ද්‍රිකා සන්නිවේදන උපකරණද පාලනය කරයි. සමහර විට රජය සහ පාලක පක්‌ෂය අල්ලස් දීමෙන්ද පුවත්පත් පාලනය කරයි. මෙක්‌සිකෝවේ අඩු වැටුප් ලබන සන්නිවේදකවරු මෙවැනි දීමනා වලට කැමති වෙති. ෂමහර විට පුවත්පත් කරුවන්ට කායික වද හිංසා දීම හෝ තර්ජන ගර්ජන කිරීම්ද සිදු කෙරෙයි. රජය එවැනි පැමිණිලි ගැන සැලකිලිමත් නොවන බව වෘත්තිකයෝ කියති. 1923 දී පමණ සිට ගුවන්විදුලි සේවයක් ආරම්භ කොට ඇමෙරිකානු රටාවට අනුව ගෙන යනු ලැබේ. රාජ්‍ය පාලිත, අධ්‍යාපනික සහ සංස්‌කෘතික සේවාවන්ට අමතරව, පුද්ගලික ගුවන් විදුලි ආයතනද, වාණිජ්‍ය ගුවන්විදුලි ආයතනද ඇත. 1950දී රජය බොහෝ ගුවන්විදුලි ආයතන පුද්ගලයින්ට අලෙවි කරන ලදී. ක්‍ෂට පුරා දැන් ගුවන්විදුලි ආයතන 800ක්‌ද වාණිජ නොවන ආයතන 50ක් පමණද ඇත. ඊටත් අමතරව වාණිජ ජාල දහයක් දොළහක් තිබේ.
රූපවාහිනිය නම් මුළුමනින්ම පාහේ ඇමෙරිකානු පද්ධතිය මත ක්‍රියා කරයි. 1960දී රූපවාහිනිය ඇති කරන ලද්දේ යම්යම් සමාජීය කොන්දේසිවලට එකඟව වැඩ කරන්නටයි. ඝානව ගරුත්වය සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති රැකීම එම කොන්දේසිය. 1970 ගණන්වල රජය එළැඹුණු ගිවිසුමකට අනුව රූපවාහිනී සමාගම් දෛනික කාලයෙන් සියයට 12.5ක් ආණ්‌ඩුවේ වැඩසටහන්වලට වෙන් කළ යුතු විය. පෞද්ගලික රූපවාහිනී සේවා දුවවන්නේ ටෙලිවිසා විසිනි. එම සංවිධානය රටේ රූපවාහිනී මධ්‍යස්‌ථාන 120න් 70ක්‌ම පාලනය කරයි. ස්‌පාඤ්ඤය භාෂාවෙන් කරන සෝප් ඔපෙරාවලට මෙහි කියන්නේ ටෙලිනොවෙලාස් කියාය. ටෙලිවිසා මුද්‍රිත මාධ්‍යායතන කිහිපයක්‌ද හිමි කර ගෙන ඇත.
ලතින් ඇමෙරිකානු රටවලින් වැඩිම වීසීආර් ගණන ඇත්තේ මෙක්‌සිකෝවේය. වීඩියෝ පටි කුලියට දෙන තැන්වල විවිධාකාර වැඩසටහන් ඇතුළත් කැසට් වර්ග 11000ක් ඇත. අනික් හැම සංවර්ධනය වන රටවල්වලම මෙන් මෙහිද වීඩියෝ චෞර කරණ පශ්නය බරපතලය. ෂියයට 25ක් පමණ එලෙස හොරට ගැහුණු පිටපත්ය. රජයේ ආධාර ලබන චිත්‍රපට ආයතනයක්‌ද ඇත. එහෙත් ඇමෙරිකානු චිත්‍රපට ජනප්‍රියය. ඳැන් ආයතනයේ විවිධ අංශ පුද්ගලිකව විකුණා ඇත. චිත්‍රපට ටිකට් පත්‍ර ඉතා ලාභය. සත පනහක් පමණය. එනම් රුපියල් 50ක් පමණය. රජය සංවර්ධන වැඩ කටයුතු සඳහා විවිධ වැඩසටහන් නිමවා ඇත. රේඩියෝ ප්‍රයිමරිකා වැඩසටහන සාක්‌ෂරතාව වර්ධනයට සහ ගණිතමය කුසලතා වර්ධනයට ඉවල් වන වැඩසටහනකි. ටෙලිසෙකුන්දරිය, වැඩසටහන ද්විතීය පාසැල් විෂය මාලා ගම්වලට ගෙන යයි. මීට අමතරව රජය සහ ටෙලිවිසා එක්‌ව අධ්‍යාපනික වැඩසටන් සහ සංස්‌කෘතික වැඩසටන් නිෂ්පාදනය කරයි.
චීනයේ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය කොමියුනිස්‌ට් රටක මාධ්‍ය සංකල්ප හදුනා ගන්නට හොද අවස්‌ථාවකි.මීට සමාන ක්‍රම ඉරානය, ඉරාකය, උතුරු කොරියා සහ කියුබාව තුළද ඇත. 1949 සිට මාධ්‍යවල කාර්ය බාරය වූයේ මේ සා විශාල බිම් පෙදෙසක වසන විශාල ජනගණයක් එක්‌ව තබා ගැනීමයි. ප්‍රවෘත්ති යනු මෙරට ජනතාව දැනුවත් කරවන අවියකි. 1980 ගණන්වල රජයේත් නිලධාරීන්ගේත් දූෂණ ක්‍රියා දක්‌වමින් එක්‌තරා ආකාරයක වෙනස් මඟකට මාධ්‍ය පිළිපන්නේය. 1989 චීන ශීෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කළ අරගලය මැඩ පැවැත්වූ ආකාරයෙන් තවමත් චීන රජය මාධ්‍ය පාලනය කළ හැකි බව පෙන්වා දෙයි. ඵසුගිය වර්ෂ 10-15 තුළ ඉතා පැහැදිලිව වැඩිදියුණු වූ චීන ජන මාධ්‍ය ගැන කිවයුත්තේ අවම වශයෙන් පුවත්පත් 2200ක් ඇති බවයි. පුවත්පත් සංසරණය මිලියන 200කට වඩා වැඩිය. ප්‍රධාන ජාතික පුවත්පත් පහකි. පීපල්ස් ඩේලි ඉතා බලවත් පුවත්පතයි. බිලියන 10කට වැඩි පාඨක සංඛ්‍යාවක් ඇතැයි කියති. මෙය චීන රජයේ සහ කොමියුනිස්‌ට් පක්‌ෂයේ නිල හඬයි. 1981 දී ආරම්භ කළ වයිනා ඩේලි නම් ඉංග්‍රීසි පුවත්පතක් ඇත. මෙය ඇත්ත වශයෙන්ම චීනයේ වාසය කරන විදේශකයින්ට කරන ලද්දකි. ධය බටහිර පුවත්පත් ආකෘතිය ගරු කරයි. ප්‍රචාරාත්මක ලක්‌ෂණ අඩුය. රජයේ විමසිල්ල යටතේ මුද්‍රණය වෙයි. මේ සියලුම පුවත්පත්වලට ප්‍රවෘත්ති ලැබෙන්නේ රජය පාලිත ෂින්හුවා-නව චීන, ප්‍රවෘත්ති සේවය මගිනි. මෙම ප්‍රවෘත්ති ආයතනයට අයිති විදේශීය මධ්‍යස්‌ථාන 82ක් ඇත. ඒවායේ සේවකයින්ගේ සංඛ්‍යාව 5000 ඉක්‌මවා ඇත. ලෝකයේ ප්‍රවෘත්තිවල චීන රජයේ අර්ථකථනය ඉදිරිපත් කරමින් ජනතාව සහ කොමියුනිස්‌ට් පක්‌ෂය අතර බන්ධන ඇති කරන්නේද මෙම ආයතනයයි. චීනයේ ප්‍රබලම ජනමාධ්‍ය ගුවන්විදුලියයි. එයද රජයෙන් පාලනය වෙයි. 1949 දී ආරබ් සෙන්ට්‍රල් පීපල්ස් බ්‍රෝඩ්කාස්‌ටින් ස්‌ටේෂන් සීපීබීඑස් ප්‍රවෘත්ති, අධ්‍යාපන, විනෝදය හා පොදු සේවා ගැන කියන ජාල හයකින් සමන්විතය. පක්‌ෂයේ සහ රජයේ ප්‍රචාරක අවිය වු මෙයට අමතරව තවත් ප්‍රාදේශීය ජාල 100ක් පමණ වෙයි. මේ අතර ගුවන්විදුලි වැඩසටන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය කරවන "වයර් බ්‍රෝඩ්කාස්‌ටින්" ද චීනයේ ඇත. චීන ජනගහණයෙන් සියයට 95කට ගුවන්විදුලිය ළඟා වෙයි.
චීනයේ රූපවාහිනී සේවා 1980න් පසුව ඉක්‌මනින් වර්ධනය විය. දැන් රූපවාහිනී යන්ත්‍ර කට්‌ටල මිලියන 70ක් චීනයේ ඇත. සෙන්ට්‍රල් චයිනීස් ටෙලිවිෂන්, සීසීටීවී, පළාත් 29කට සේවා විකාශ කරන්නේ චන්ද්‍රිකා විකාශ පද්ධතියක් මගිනි. බහුලව ඇත්තේද චීන නිෂ්පාදනය. රූපවාහිනිය දේශපාලන අවියකට වඩා විනෝද මාර්ගයක් ලෙස භාවිත වෙයි.
1989 දී තියන් ආන් මන් චතුරශ්‍රයෙහි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පෙළපාලි ගිය තරුණ පිරිස් මර්ධනයෙන් රාජ්‍ය බලය යොදවා ජන මාධ්‍ය හසුරුවන ආකාරය මැනවින් ප්‍රදර්ශිතය.