විවිධ රටවල මාධ්‍යවලට හිමි භුමිකාව
 

ජනමාධ්‍ය පද්ධති වලට හිමි වන භුමිකාව ඒ ඒ රටවල් අනුව වෙනස්‌ වෙයි. බොහෝ සංවර්ධනය වන රටවල මාධ්‍ය මත මධ්‍යගත පාලනයක්‌ පවත්නා රටවල, ජනමාධ්‍යයන්ට නම් මූලිකම කාර්යභාරය වන්නේ ජාතියේ සංවර්ධනය සඳහා ජන සන්නිවේදනය යොදා ගැනීමයි. තුන්වැනි ලෝකයේ රටවල් නම් මූලික වශයෙන් ආර්ථික සහ දේශපාලනික සංවර්ධනය ගැන සිත් යොමු කරති. පොදුවේ සලකන විට ජන මාධ්‍යයට තව දුරටත් නවීකරණය කරන්නට, ජාතික ඉලක්‌ක කරා ළඟා කරවීමට කටයුතු කළ යුතුව ඇත. ඒ නිසාම අළුතින් ජනසන්නිවේදන ශබ්ද කෝෂයට එක්‌ වුණු පදය නම් සංවර්ධනාත්මක සන්නිවේදනයයි.


මෙම සංවර්ධනමය සන්නිවේදනයට අනුව මාධ්‍යයේ භුමිකාව විය යුත්තේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා ඇති ජාතික ඉලක්‌ක ළඟා කර ගැනීමට සහාය වීමත්, ජාතික එකමුතුකම, ස්‌ථාවරභාවය සහ සංස්‌කෘතික ඒකාබද්ධතාව සඳහා ක්‍රියා කිරීමත්ය. අනික්‌ පැත්තේ සංවර්ධනමය සන්නිවේදනය භාණ්‌ඩ මිළකරණය, කෘෂිකර්මය සහ අධ්‍යාපනික ඉලක්‌ක ගැන සාරාංශ කථා සකස්‌ කරමින් පත්‍රය කියවන අයට පහසුවෙන් තේරුම් යන පරිදි ජාතිය මෙතෙක්‌ ලබා ගෙන ඇති සාර්ථකභාවය විමසීමත් සිදු කෙරෙයි. වෙනත් විදයකින් රජය විචාරය කිරීම සංවර්ධනමය සන්නිවේදකයින් විසින් නොකළ යුත්තකි. ඒ නිසා ආසියාව, ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව වැනි සංවර්ධනය වන හැම රටකම පවත්නා දර්ශනය මේ අන්ත දෙක අතරට වැටේ.

කොමියුනිස්‌ට්‌ ලෝකයේ මාධ්‍යවල කාර්යභාරය ඉතා පැහැදිලිය. ඒවා ප්‍රචාරය, පෙළඹවීම සහ අධ්‍යාපනය දීම සඳහා ඇති ආයුධයි. ලෙනින් කියූ පරිදි කොමියුනිස්‌ට්‌ පුවත්පත්වල රාජකාරිය විප්ලවය තවදුරටත් ගෙන යාමයි යන කියමනේ සිට මෙම තත්ත්වය වර්ධනය විය. රාජ්‍ය නිලධාරිවාදයේ ඉහළම තැන් සන්නිවේදකයින්ට හිමි වීමෙන් මේ තත්වය අවබෝධ කර ගත හැකිය. කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, පක්‌ෂ පාලිත රජයට, පක්‌ෂ නියමයට ගරුකරන වෘත්තීය සංගම් වැනි සංවිධානවලට පමණක්‌ මාධ්‍ය පවත්වා ගෙන යා හැකිය.


බටහිර සංකල්පය ගරු කරන මාධ්‍ය හැම විටම තම ග්‍රාහකයා තොරතුරුවලින් දැනුමැත්තන් බවට පත් කිරීමත්, විනෝදවත් කිරීමත් සිදු කරයි. එමෙන්ම මාධ්‍ය අන්තර්ගතයද කොමියුනිස්‌ට්‌ සහ තුන්වැනි ලෝකයේ මාධ්‍යවලට වඩා වෙනස්‌ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය තම ග්‍රාහකයන්ගේ විශේෂිත දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතා ගැන අවධානය යොමු කරයි. ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව වැනි රටවල මාධ්‍ය මගින් දේශීය සහ අන්තර්ජාතික ප්‍රවෘත්ති රාශියක්‌ ග්‍රාහකයින්ට ඉදිරිපත් කරයි. එසේම ප්‍රාදේශීය රාජ්‍ය සහ ජාතික රාජ්‍ය ගැන තොරතුරුත් ඉදිරිපත් කරයි. එයින් සමහරක්‌ රාජ්‍යයට හිතකර නොවේ. ඒවා රජය ගැන කරන විචාරාත්මක ප්‍රකාශනය. ඹටිර සංකල්පය අනුව මේ රජයේ "මුරබලු" කාර්යය මාධ්‍ය මගින් ඉටු වෙයි. බටහිර මාධ්‍යය පාරිභෝගිකයා මුල් කර ගත්තකි. වෙළඳ දැන්වීම් සහ ව්‍යාපාරික තොරතුරුවලින් ගහණය. ඹටහිර රටවල විනෝදාත්මක වැඩසටහන්වල තුන්වැනි ලෝකයේ පෙනෙන දේශීය උරුමය පිළිබඳ අදසක්‌ නැත. කොමියුනිස්‌ට්‌ රටවල ඇති ජාතික ඉතිහාසයද මේ වැඩසටහන්වල නැත. එසේම මාධ්‍ය අන්තර්ගතය වැඩිපුර නියාමනය කරන්නේද නැත. විද්යුත් මාධ්‍යවල අසභ්‍ය රූප ප්‍රදර්ශන වැනි දේවලට සීමා ඇතත් රජය විනෝද වැඩ සටහන්වලට ඇඟිලි ගසන්නේ නැත.


වඩාත් වැඩි වෙනස රඳා ඇත්තේ අර්ථකථනය හෙවත් එඩිටෝරියල් කාර්යයේදීය. බටහිර රටවල ග්‍රහාකයාට කිසියම් දෘෂ්ටියක්‌ ඇති කිරීමට වුවමනා පරිදි මාධ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමේ දීර්ඝකාලීන සම්ප්‍රදායක්‌ ඇත. මාධ්‍යය යනු "අදහස්‌ පිළිබඳ නිදහස්‌ වෙළඳපකි" මේ තත්වය යටතේ රජයකට ජාතික ඉලක්‌ක කරා මාධ්‍ය හැරවීමට පහසු නැත. එවැන්නක්‌ කරන්නට තැත් කළොත් රජය සහ මාධ්‍ය ආයතන අතර ගැටුම් ඇති වීම අනිවාර්යය.

(c) Shilpa Sayura Foundation 2006-2017