මාධ්‍යවල පාලය සහ හිමිකම්
 

ලෝකය පුරා පැතිර පවත්නා විවිධ මාධ්‍ය පද්ධති වෙන් වෙන්ව හදුනාගැනීමට ගත යුතු ඉතා හොදම මාර්ගය නම් ඒවායේ මානයන් අනුව වර්ගීකරණය කිරීමයි. එකී මාන මොනවාද? ඒවා නම්,


1. හිමිකම
2. පාලනය


මෙහිදී හිමිකම පුද්ගලයාගේ සිට රජය දක්‌වා විවිධ විය හැකිය. මධ්‍යග තතත්වයේ සිට විමධ්‍යග තතත්වය දක්‌වා වෙනස්‌ විය හැකිය. එහෙත් මේ ක්‍රමවල සම්මිශ්‍රණයක්‌ද සමහර රටවලදී දකින්නට පුළුවන්කම ඇත. බොහෝ රටවල මිශ්‍ර මාධ්‍ය පද්ධති තිබේ. විද්යුත් මාධ්‍යවලින් කොටසක්‌ රජයටත් කොටසක්‌ පෞද්ගලික හිමියන්ටත් අයිති රටවල් ඇත. සමහරක්‌ රටවල මුද්‍රිත මාධ්‍ය තබන තැනම විද්යුත් මාධ්‍ය තබන්නට දුෂ්කර වී තිබේ.


මාධ්‍ය පාලනය කරන විවිධ ක්‍රම තිබේ. පළමුව රජය මාධ්‍ය මූලය පාලනය කරයි. මුද්‍රණ සහ විද්යුත් මාධ්‍යවලට වුවමනා උපකරණ ලබා ගත හැක්‌කේ අනුමත ආයතනවලට පමණී. කියුබාව වැනි රටක පත්‍ර මුද්‍රණය කරන කඩදාසි හිඟය. එහෙත් රජයේ පුවත්පත්වලට එවැනි හිඟයක්‌ නැත. රජයේ දැන්වීම් නොදීමෙන් ලංකාවේ පුවත්පත් පාලනය වේ. සමහර රටවල පුවත්පත් මාධ්‍යකරුවන් රජයෙන් පුහුණු කළ රජය අනුමත කළ මාධ්‍යකරුවෝය. ඔවුහු එක්‌ අතකින් රාජ්‍ය සේවකයෝය. ලේක්‌හවුස්‌ පුවත්පත්වලට සදාකල්හිම ගැනෙන්නේ දේශපාලනඥයින්ගේ සහතිකයද සමඟය. රූපවාහිනී සංස්‌ථාවද 2001 දී පුහුණුකරුවකු ලෙස පත් වීමක්‌ දීමෙන් පසුව ආණ්‌ඩු පාක්‌ෂික මන්ත්‍රීවරයාගේ ලිපියක්‌ ගෙනා යුතු බව කියති.


එසේම පුවත්පත්වලට ප්‍රවෘත්ති දෙන ප්‍රවෘත්ති ආයතනද රජයට හිමි ඒවාය. ලංකා පුවත් මෙනි. මේ අනුව රජයට ප්‍රවෘත්ති මූලයද පාලනය කළ හැකිය. බොහෝ රටවල මාධ්‍ය දැන් බහුත් වාදයට ළඟා වී ඇත. කාලයක්‌ තිස්‌සේ රාජ්‍ය හිමි ඒකාධිකාරය පැවතුණු රටවල් වන ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය සහ ස්‌පාඤ්ඤය වැනි රටවල් දැන් පෞද්ගලික හිමියන්ට සහ වාණිජ මූල්‍ය විද්යුත් මාධ්‍ය ආයතනවලට ඉඩ සලස්‌වා ඇත. මේ රටවල්වලට කේබල් රූපවාහිනිය හදුන්වා දුන් පසුව තත්වය වෙනස්‌ වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017