විශ්ව ගුවන්දුලි සහ රූපවාහිනී සේවා
 

රටවල් 150ක්‌ පමණ කිසියම් ආකාරයක අන්තර්ජාතික කෙටි තරංග විකාශ කටයුතුවල යෙදෙයි. බොහෝ රටවල් වල ඒවා පවත්වන්නේ රාජ්‍ය ආයතන ලෙස යි. නැත්නම් රජයේ අධීක්‌ෂණයට යටත් වූ අය ය. එහෙයින් ඒවායේ බොහොමයක පරමාර්ථය දේශපාලනිකය. ඒ නිසාම ප්‍රචාරාත්මකය.



ඵසුගිය අවුරුදු කිහිපය තුළ පෞද්ගලික ගුවන්විදුලි සේවා ජනප්‍රියත්වයට පත් වී ඇත. ඇමෙරිකාවේ වුවත්, WRNO සහ නිව් ඔර්ලියන්ස්‌ යන ආයතන දෙක අවසර ලත් වාණිජ ආධාර සහිතව අන්තර්ජාතික ග්‍රාහකයින් වෙත මුලින්ම ගියේ 1980න් පසුවය. 1990 න් පසුව ලංකාවේද පෞද්ගලික ගුවන්විදුලි සේවා ආරම්භ විය. ඒ සමඟම මැද පෙරදිගට, ඕස්‌ට්‍රේලියාවට යැවෙන විකාශ මෙරටත් ඇති විය.

1991 දී ඇමෙරිකාවේ සිට අන්තර්ජාතික ගුවන්විදුලි සේවා පැවැත්වූයේ වොයිස්‌ ඔෆ් ඇමෙරිකා, රේඩියෝ මොස්‌කව්, බීබීසී වර්ල්ඩ් සර්විස්‌, රේඩියෝ පෙයිචිං සහ ඩොයිෂෙ වෙල්ඔය. වොයිස්‌ ඔෆ් ඇමෙරිකා සම්බන්ධයෙන් ලංකාවේද ඉරණවිල ගම තුළ ප්‍රශ්නයක්‌ ඇති විය. වොයිස්‌ ඔෆ් ඇමෙරිකා ක්‍රියාත්මක වී අවුරුදු පනහ ඉකුත් වී ගොස්‌ ඇත. එය සංගීතය, ප්‍රවෘත්ති, කර්තෘ වාක්‍ය, විචිත්‍රාංග යන විෂයයන් භාෂා 40කින් පමණ විකාශ කරයි. ශ්‍රාවක සංඛ්‍යාව මිලියන 120ක්‌ වෙයි. ඔවුන්ගේ වැඩි පිරිස සිටින්නේ රුසියාවේත්, නැගෙනහිර යුරෝපයේත් ය. 1991 සෝවියට්‌ කුමන්ත්‍රණය අවස්‌ථාවෙහි රුසියානු පුරවැසියෝ තොරතුරු දැනගත්තාහු මේ ඇමෙරිකා හඬිනි.

1980 සහ 1990 දශකවල අන්තර්ජාතික ගුවන්විදුලි ක්‌ෂේත්‍රයේ සිදුවුණු ප්‍රබල වෙනස නම් රූපවාහිනී සංඥා ගෙන යාම සඳහා, වහනය සඳහා, සන්නිවේදන චන්ද්‍රිකා උපයෝජයයි. වෙඩ් ටර්නර්ගේ සී එන් එන් සේවය, කේබල් නිව්ස්‌ නෙට්‌වර්ක්‌ මෙම සේවාවලින් ප්‍රමුඛතමයාය. 1994 සංඛ්‍යා ලේඛනවලට අනුව සීඑන්එන් අන්තර්ජාතික සේවය රටවල් 102ක හෝටල් 1000 කට සහ නිවාස මිලියන 65 කට සේවා සපුරයි. දැන් මේ සංඛ්‍යාව රටවල් 130 කට පමණ වර්ධනය වී ඇත.


අවසාන වශයෙන් අන්තර්ජාතික මාධ්‍ය සම්බන්ධයෙන් මතු වන ගැටළුවක්‌ නම් දේශ සීමාවල කෙරෙන ඉතිරී යාම්ය. රූපවාහිනී සංඥාවලට ජාතික භුමි සීමා නැති නිසා රටක වැඩ සටහනක්‌ වෙනත් රටකට ලබා ගත හැකිය. ඇමෙරිකාව සහ කැනඩාව අතර මෙතැන ගැටළුවක්‌ ඇත. ඇමෙරිකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා තුන වන ඒබීසී, එන්බීසී, සහ සීබීතස්‌ වැඩසටහන්වලට කැනේඩියානු ප්‍රේක්‌ෂකයෝද කැමැත්ත දක්‌වති. ඒ නිසා කැනඩාවෙන් පිරිස්‌ උදුරා ගැනීම සමඟම ඇමෙරිකානු සංස්‌කෘතික ආක්‍රමණයන් කැනඩාවේ සිදු විය හැකි බවත්, කැනේඩියානු වෙළඳ දැන්වීම්වල මුදල් ඇමෙරිකාවට ගලා යාමේ විභවතා ඇති බවත් සැලකු කැනඩාව තම රටේ අන්තර්ගතයක්‌ ඇති වන පරිදි මාධ්‍ය අන්තර්ගතය ගැන නීති පණවා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017