අන්තර්ජාතික සහ තුලනාත්මක ජනමාධ්‍ය පද්ධති
 

අවුරුදු තිස්‌පහකට පමණ පෙර දවසක මාධ්‍ය ගුරු යන උපපදයෙන් ඇමෙරිකානු විද්වතුන් විසින් හදුන්වනු ලබන මාර්ෂල් මැක්‌ලුහක්‌ ජන සන්නිවේදනය නිසා මුළු ලෝකය විශ්ව ගම්මානයක්‌ වන බවට අනාවැකි පළ කෙළේය. මැක්‌ලුහන්ගේ එම අනාගත වාක්‍යය දැන් සත්‍යයක්‌ බවට පත් වී තිබේ. කොටස්‌, මුදල් සහ භාණ්‌ඩ අද මුළු දවස පුරාම ලොව වටා හැම වෙළඳ පළකම ව්‍යවහාර වෙයි. ලන්ඩන් සහ ටෝකියෝ කොටස්‌ වෙළඳපොළේ බලපෑම නිව්යෝක්‌ වෙළඳපොළටද දැනෙයි. දැකිය හැකිය. වඩාත් හොඳ සන්නිවේදනය නිසා විශ්ව ආයෝජන, විශ්ව වෙළඳාම පැතිර ගොස්‌ ඇත.



ඒ නිසා විශ්ව ආයෝජන, විශ්ව වෙළඳාම පැතිර ගොස්‌ ඇත. ඒ නිසා ඉතා සංකීර්ණ සහ අන්තර් සම්බන්ධතා ඇති ලෝක ආර්ථිකයක්‌ පහළ වී ඇත. වෙනත් රටක සමාගමක්‌ තවත් රටවල් කිහිපයක භාණ්‌ඩ නිෂ්පාදන කම්හල් ඉඳිකර තිබීම දැන් ලොවට අමුත්තක්‌ නොවේ.

විනෝද ජනක ක්‍ෂේත්‍රයෙහිද සිදුව ඇත්තේ මෙවැන්නකි. ලොව වටා පොදු විනෝදය සඳහා කේන්ද්‍ර වන්නේ ඇමෙරිකානු හෝ වෙනත් රටක නිෂ්පාදනය. ඇමෙරිකාවේ දෙවැනි විශාලම අපනයන කර්මාන්තය වී ඇත්තේ විනෝදජනක නිෂ්පාදනයයි. මේ නිසා ඇමෙරිකානු සංස්‌කෘතික නිෂ්පාදන ලොව පුරා පැතිර ගොස්‌ ඇත. ද කොස්‌බ් ෂෝ ලංකාවේ ද ඔබ දැක ඇත.


විශ්ව ගම්මානයේ තවත් ප්‍රවණතාවක්‌ නම් ප්‍රවෘත්ති ක්‍ෂේත්‍රයයි. 1991 අගෝස්‌තුවේ ගල්ෆ් යුද්ධය පිළිබඳව සීඑන්එන් රූපවාහිනී කළ, රණබිම වාර්තා මතක්‌ කර ගන්න. මෙය නැරඹූ ග්‍රාහක සංඛ්‍යාව කෙතරම්දැයි ගණන් බලා නැතත් එක්‌ අධ්‍යයනයක්‌ කියන හැටියට යුද්ධය පවතිද්දී එම ප්‍රවෘත්ති නැරඹූ සංඛ්‍යාව බිලියනයක්‌ වෙයි.



එමෙන්ම විශ්ව ගම්මානයේ ජනමාධ්‍ය ස්‌වාමීත්වය ඇත්තේ අති විශාල, බහුජාතික සමාගම් වලටයි. ඕස්‌ට්‍රේලියාවේ නිව්ස්‌ කෝපරේෂන්, ජර්මනිය පාදක කර ගත් බර්ටල්ස්‌මන්, ප්‍රංශයට හිමි හැවේ, ජපානය පාදක කර ගත් සෝනි අහ මත්සුෂිකා සහ ඇමෙරිකා එක්‌සත් ජනපදයට හිමි ටයිම් වෝර්නර්ස්‌ යන සමාගම් තුනෙන් එකකට වැඩි පමණක ට බලය පාති. විශ්ව ගම්මානයේ වෙසෙන අපට විනෝදය සපයන්නේ මේ සමාගම් වලින් එකක්‌ කළ නිෂ්පාදනයකි.

විශ්ව ගම්මානයක සීමා කඩඉම් නොමැති නිසා අන්තර්ජාතික ජනමාධ්‍ය පද්ධති ගැන හැදෑරීමේ දී එය ඉතා පුළුල් ක්‍ෂේත්‍රයක්‌ වෙයි. සමහරක්‌ රටවල මාධ්‍ය මුළුමනින්ම ඉලක්‌ක කර ඇත්තේ වෙනත් රටවල්ය. රේඩියෝ මොස්‌කව්, රේඩියෝ පෙයිචිං, වොයිස්‌ ඔෆ් ඇමෙරිකා මෙන්ම නිව්ස්‌වීක්‌හි අන්තර්ජාතික මුද්‍රණයද මීට නිදසුන්ය. පළමුවෙන්ම අපි අන්තර්ජාතික පරිභෝජනය සඳහා සැලසුම් කර ඇති මාධ්‍ය ගැන සලකා බලමු.

(c) Shilpa Sayura Foundation 2006-2017