සන්නිවේදන ක්‍රියාදාමය ගැන විශේෂිත වු සන්නිවේදන ආකෘතියක් 1956 දී ජෝජ් ගර්බ්නර් ඉදිරිපත් කළේය. එය සංකීර්ණ නියෝජනයකි. එය මානව සන්නිවේදකයාගේ ස්වභාවය ගැනත් සන්නිවේදනයේ දී කෙරෙන භුමිකා නිරූපනය පිළිබඳ අවබෝධයක් ගැන කරුණු කියයි.
ගර්බ්නර් ගේ ආකෘතිය ලැස්වෙල් ආකෘතියේ අඩුවක් ලෙස දැක්වූ ඇයි යන ප්රශ්නය අසයි. ්රම්කිසි සංසිද්ධියක් අවබෝධ කර ගත් පසුව පුද්ගලයකුට තමන් ලත් ඒ අවබෝධය සන්නිවේදනය කර ගන්නට අවශ්‍ය වෙයි. වෙනත් කෙනෙකුට කවර කරුණක් හෝ එසේ සන්නිවේදනය කරන්නේ කිසියම් ආකෘතියකටයි. ඒ හා සම්බන්ධ පසුබිමක්ද ඇත.
ගර්බ්නර්ගේ ආකෘතිය තථ්‍ය සංසිද්ධියත්, එය ප්රේරකයා විසින් අවබෝධ කර ගන්න අන්දමත්, එකී අවබෝධය සන්දේශයකට ඇතුළත් කරන ආකාරයත් සන්දේශය ග්රාහකයා විසින් අවබෝධ කර ගන්නා අන්දමත් අතර වෙනස පැහැදිලි කර දෙයි. මේ ආකෘතිය සන්නිවේදනය සහ අවබෝධය පිළිබඳ ගැටළු විස්තර කරයි. ජනමාධ්‍යවලට සම්බන්ධ කළ විට තථ්‍ය ලෝකයේ සිදුවන සංසිද්ධි කෙතරම් නිවැරදි ලෙසට ප්රවෘත්ති මගින් ග්‍රාහකයින් වෙත ඉදිරිපත් කෙරේද යන් විසඳා ගත හැකිය.