හැරල්ඩ් ඩී. ලැස්‌වෙල් සන්නිවේදන විද්‍යාඥයෙක් නොවේ. ඔහු දේශපාලන විද්‍යා විශාරදයෙකි. සන්නිවේදනය සම්බන්ධ ලැස්‌වෙල් ආකෘතිය 1948 දී ද ස්‌ට්‍රක්‌වර් ෆන්ක්‌ෂන් ඔෆ් කමියුනිකේෂන් ඉන් සොසයටි නම් ලිපියකින් ඉදිරිපත් කළේය. ඔහුගේ මතය වූයේ සන්නිවේදනය විස්‌තර කිරීමට ඇති එකම ක්‍රමය පහත දැක්‌වෙන ප්‍රශ්න කිහිපය ඇසීම බවයි.
කවරෙක්?
කුමක් කියන්නේ?
කවර නාලිකාවක් හරහා?
කවුරුන්ට?
කවර බලපෑමක් අපේක්‌ෂාවෙන්?
ලැස්‌වෙල්ගේ ආකෘතිය වඩාත් වැදගත් වන්නේ එය බලපෑම පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙනා හෙයිනි. සන්දේශ යනු ග්‍රාහකයින් විසින් නිකම්ම විකේතනය කර ගන්නා ඒවා පමණක් නොවේ. ඒවා ඔවුන් කෙරෙහි බලපෑමක්‌ද ඇති කරවයි. එක් අතකින් ලැස්‌වෙල්ගේ ආකෘතිය ඇරිස්‌ටෝටල් පඬිවරයා කී කරුණ යළි තහවුරු කරයි. එනම් "සන්නිවේදනය සැලසුම් කර ඇත්තේ යම්කිසිවක් සම්පූර්ණ කර ගනු පිණිසය" ග්‍රාහකයා මත සන්දේශයක් කිසියම් බලපෑමක් කරන්නේයැයි පිළිනොගන්නේ නම් ග්‍රාහකයා ගේ ප්‍රතිචාරයේ ස්‌වභාවයද විස්‌තර කළ නොහැකිය. එසේ වූ කල්හි සන්නිවේදන ආකෘතිවල ඇති අ@න්‍යා\න්‍ය හුවමාරු කර ගැනීමේ ලක්‌ෂණය ඉවත යයි.
ලැස්‌වෙල්ගේ ආකෘතිය සන්නිවේදනය යනු ද්විපථ ක්‍රියාදාමයක් ලෙස ගෙන හැර නොදක්‌වයි. එසේම තවත් වැදගත් අංගයක් වු චාලක ශක්‌තිය ගැනද නොකියයි. සන්නිවේදන සංසිද්ධි ගැන මනා ප්‍රශ්න අසන නමුත් එය විශේෂ වු ප්‍රේෂකයෙක් සන්දේශයක් නිර්මාණය කරන්නේ ඇයිදැයි යන්න නොඅසයි.