බාර්ලෝගේ ආකෘතිය
 

ඩේවිඩ් බාර්ලෝ 1948 දී ප්‍රකාශයට පත් කළ ද ප්‍රොසෙස්‌ ඔෆ් කමියුනිකේෂන් නම් කෘතියෙහි දක්‌වා ඇත්තේ ඉතා සරල සහ සමකාලීන සන්නිවේදන ආකෘතිවලින් ප්‍රයෝජනවත් වූ එකකි. එය හදුන්වන්නේ මූලාශ්‍රය, සන්දේශ, නාලිකා ග්‍රාහක ආකෘතිය නමිනි. සාමාන්‍යයෙන් සංක්‌ෂිප්තව එය දැක්‌වෙන්නේ එස්‌.එම්.සී.ආර්. ආකෘතිය නමිනි. එය ඇරිස්‌ටෝටල්ගේ ආකෘතිය මෙන් ම අංග ලක්‌ෂණ හයක්‌ සන්නිවේදනයේ ස්‌වභාවය සම්බන්ධයෙන් මතු කර ඇත.


1. මූලාශ්‍රය  2. සංකේතය   3. සන්දේශය
4. නාලිකාව  5. විකේතනය  6. ග්‍රාහකය


අභිමුඛ හෙවත් මුහුණට මුහුණ ලා කෙරෙන සන්නිවේදනයේ මූලාශ්‍රය සංකේතය වීමටද ඉඩ ඇත. එමෙන්ම ග්‍රාහකයා විකේතකයා වීමටද ඉඩ තිබේ. අප එකිනෙකාට සන්නිවේදනය කර ගන්නේ අපේ සිතිවිලි සංකේත බවට පත් කර ගැනීමෙනි. ධකී සංකේත වලින් සන්දේශය විකේතනය වෙයි. අපේ සමකාලීන ලෝකයේ, අප අභිමුඛ සන්නිවේදනය පවත්වා ගෙන යන්නේ ඉතා අල්ප වශයෙනි. අපි අද සන්දේශ සංකේතනයටත් විකේතනයටත් තාක්‌ෂණයේ පිහිට සොයා යමු. අප දුරකථනයෙන් කතා කරන විට, වීඩියෝ යන්ත්‍රය භාවිත කරන විට, සංකේතය සහ විකේතනය කිරීමේ කටයුතුවලට අතිරේක වැදගත් තැනක්‌ ලැබෙයි.


ඒ නිසාම බාර්ලෝගේ ආකෘතිය සීමාසහිත භාවයකින් යුක්‌තය. බාර්ලෝ සන්නිවේදනය ක්‍රියාදාමයක්‌ බව ඇන සිටි අතර යඑට කාලය බලපෑම් කරන බවක්‌ පිළිගත්තේය. ග්‍රීක දාර්ශනිකයකු වූ හෙරක්‌ලිටස්‌ ලෝකයේ ස්‌වභාවය අවධාරණය කළේය. බර්ලෝ කියන ආකාරයට සන්නිවේදන අවස්‌ථාවක්‌ කිසි විටෙක ඩුප්ලිකේට්‌ අනුකෘතියක්‌ කළ නොහැකිය. එසේ කළ හොත් ඒ ඒ අංගයන් හා ඒ අතර ඇති සම්බන්ධතාද බිඳ වැටෙයි. එකම පුද්ගලයා එකම විහිළුව දෙවරක්‌ හෝ ඊට වැඩි වාර ගණනක්‌ කියන විට තත්වය පැහැදිලිය. නැත්නම් එකම චිත්‍රපටය දෙවරක්‌ බලන විට ඔබටද මේ බර්ලෝගේ සහ හෙරක්‌ලිටස්‌ගේ අදහස හිසට එනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017