ෂැනන් වීවර් ආකෘතිය
 

බෙල් රසායනාගාරවල සම්බන්ධව සිටි ක්‌ලෝඩ් ශැනන් නම් විද්‍යාඥයා සහ ඔහු සමඟ එකට සේවය කළ විද්‍යාඥයකු වූ වොරන් වීවර් නම් ගණිතඥයාද ගුවන් විදුලි සහ දුරකථන තාක්‌ෂණය සම්බන්ධයෙන් අත්හදා බැලීම්වල නිරතව සිටියහ. තමන්ගේ පරීක්‌ෂාවට ලක්‌ වෙන විශේෂ නාලිකා හරහා, ප්‍රේෂණය වන ආකාරය මැන ගැනීමටත්, අවබෝධ කර ගැනීමටත් කිසියම් ආකෘතියක්‌ නිර්මාණය මොවුන්ගේ අත්හදා බැලීම්වල පරමාර්ථය විය. 1949 දී ප්‍රකාශිත ද මැතැමැටිකල් තියරි ඔෆ් කොමියුනිකේෂන් සන්නිවේදනය පිළිබඳ ගණිතමය න්‍යාය – නැත්නම් ජනප්‍රිය ව්‍යවහාරයට පත්ව ඇති ශැනන් - වීවර් ආකෘතිය අද සන්නිවේදන සිද්ධාන්ත පිළිබඳ ශබ්ද මාලාවෙහි එන පද කිහිපයක්‌ම ලොවට ප්‍රථම වරට හදුන්වා දුන්නේය.






Image


ශැනන් වීවර් සන්නිවේදන ආකෘතියෙහි ප්‍රථම වතාවට සංකල්ප කිහිපයක්‌ අන්තර්ගතය. ඒවා නම්,


1. ඝෝෂණය     2. ග්‍රාහක සන්දේශය  
3. තොරතුරු අතිරික්‌තය   4. ග්‍රාහක ස්‌ථානය
5. ප්‍රතිපෝෂණය    6. නාලිකා ධාරිතාවත් ය.


ඝෝෂණය යනු සන්දේශයට බාධාකර වූ නාලිකාව සමඟ පැටලෙන ඝෝෂණයයි. තොරතුරු විද්‍යාඥයෝ මෙතැනදී නිකුත් කළ සංඥාවත් ග්‍රාහකස්‌ථානයට ලැබෙන සංඥාවත් අතර අනුපාත තත්වය කෙරෙහි පමණක්‌ අවධානය යොමු කළහ. ණමුත් මෙවැනි බාධාවන් නිසා සන්නිවේදකයා ප්‍රේෂණය කරන – යවන – සන්නිවේදනයත් ග්‍රාහකයා ලබන සන්දේශයත් අතර වෙනසක්‌ ඇති බව පැහැදිලි වීම විශිෂ්ට සොයා ගැනීමකි.


ශැනන් සහ වීවර් නාලිකා ඝෝෂණය ගැන අවධානය යොමු කළාහුය. හේතුව වූයේ ඔවුන්ට නාලිකා ධාරිතාව,– විභවතා ගැන ගණනය කර දැන ගන්නට අවශ්‍ය වීමයි. නියමිත කාල පරිච්ඡේදයක්‌ තුළදී තොරතුරු ප්‍රවාහයට ඝෝෂණය බාධා කරද්දීත් නාලිකාවකට කෙතරම් සංඛ්‍යාවක්‌ සන්දේශ ප්‍රේෂණය කළ හැකිදැයි ශැනන් වීවර් ආකෘතියෙහි සඳහන් කර නැතත් පර්යේෂකයෝ නාලිකා ඝෝෂණයට අමතරව අර්ථඝෝෂණය සහ අවකාස ඝෝෂණයද ගැන කරුණු හදාරති. නා`ලිකා ඝෝෂාව යනු සන්නිවේදන මාධ්‍යයේ පවත්නා බාධායි. දුරකථන රැහැනින් නඟින කුරුකුරුව, බොඳ වුණු තීන්ත සහිත ලියවිලි, මැකී ගිය අකුරු සහිත පිටු ආදිය එවැනි ඝෝෂාවට නිදසුනි. අර්ථ ඝෝෂණය යනු ස්‌ථානයේ ඉඩකඩ, අපහසුකම් ආදිය නිසා ඇති වන කරදර නිසා සන්දේශය හරි හැටි ග්‍රහණය කර ගන්නට බැරි වීමයි. ෂැනන් සහ වීවර් මේ ආකෘතිය හරි හැටි ග්‍රහණය කරගන්නට බෑරි වීමයි. ෂ3නන් සහ වීවර් මේ ආකෘතිය විස්‌තර කරන විට එන්ට්‍රොපි සහ රීඩන්ඩන්සි යනුවෙන් පද දෙකක්‌ භාවිත කරති. ඒවායේ අර්ථය නම් තොරතුරක ස්‌ථීරව කීමට නොහැකි බව සහ ස්‌ථීරව කීමට හැකි වීමයි.


ඉතා ඉහළ මට්‌ටමක එන්ට්‍රොපි හෙවත් අන්ප්‍රෙඩ්ක්‌ටබිලිටි ඇති සන්දේශවල ඇති තොරතුරු ප්‍රමාණය ඉහළ මට්‌ටමක රීඩන්ඩන්සිවලින් අතිරික්‌තයකින් යුක්‌ත සන්දේශයක අඩංගු තොරතුරුවලට වඩා වැඩිය. බැලූ බැල්මට මේ අදහස වැරදීයයි පෙනීමට ඉඩ ඇත. හේතුව අප හැම විටම එන්ට්‍රොපිය සම්බන්ධ කරන්නේ සාවද්‍ය සන්නිවේදනය සමඟයි. ඒ නිසා ප්‍රෙඩිකබිලිටි යනු සන්නිවේදනයේ සාර්ථකත්වය ලෙස අපි සලකමු. එහෙත් බොහෝ සන්නිවේදන පද්ධති ඝෝෂා බාධාවන්ට යටත් වන බැවින් සන්දේශවලට එක්‌තරා ප්‍රමාණයක අතිරික්‌තයක්‌ තිබිය යුතුය. එසේ වූ විට නිරවද්‍ය ලෙස විකේතනය කළ හැකිය. සියයට සියයක්‌ අතිරික්‌ත රීඩන්ඩන්සි ඇති සන්දේශවල අලුත් තොරතුරු කිසිවක්‌ නොමැති වීමටද ඉඩා ඇත.


සන්නිවේදනය යනු තොරතුරු විකාශනය කෙරෙන ක්‍රියාදාමයක්‌ ලෙස ගත හොත් එන්ට්‍රොපි සහ රීඩන්ඩන්සි යන සංකල්ප දෙකම වැදගත් වෙයි. කිසියම් අන්ප්‍රෙඩික්‌ටබිලිටි තත්වයක්‌ නැත්නම් තෙරතුරු කිසිවක්‌ හුවමාරු නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ සන්නිවේදනයක්‌ සිදු නොවීමයි. ඒ නිසාම රීඩන්ඩන්සි එක්‌තරා ප්‍රමාණයක අතිරික්‌තයක්‌ සන්දේශවල නිරවද්‍යතාවය සඳහා අත්‍යවශ්‍යයි. මානව භාෂාවන්හි ඒ ගති ලක්‌ෂණය අන්තර්ගතය.


ශැනන් වීවර් ආකෘතියේ ඇති ප්‍රධානම අඩුපාඩුව නම් එය අර්ථය ගැන තැකීමක්‌ නොකිරීමයි. මේ ආකෘතිය තොරතුරු න්‍යාය සහ විකාශ ධාරිතා සහ සංඥාවක සිට ශබ්ද අනුපාත වැනි කරුණුවලට වැදගත්ය. ෂැනන් වීවර් ආකෘතිය පදනම් කර ගත් තොරතුරු න්‍යායන් විද්යුත් සන්නිවේදන තාක්‌ෂණය ප්‍රවර්ධනයට උපකාරවත් විය. එහෙත් එය මානව සන්නිවේදනයේ ඇති මානුෂික භාවය ගැන විමසන්නට නම් ප්‍රමාණවත් නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017