සන්නිවේදන ක්‍රියාදාමයේ විවිධාංග පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමෙන් එහි ඇති අන්තර් ක්‍රියාකාරිත්වය දැන ගත හැකිය. එහෙයින් සන්නිවේදන ආකෘති කවරාකාරදැයි පර්යේෂකයෝ දීර්ඝ කාලයක් සොයා බැලූහ. සන්නිවේදන ආකෘතිය විද්‍යාර්ථීන්ට සන්නිවේදන මූලිකාංග වටහා ගන්නට උදව්වකි. සන්නිවේදනයක් ක්‍රියාවට නැංවෙන ආකාරය ගැන මූලික තත්වය සන්නිවේදන ආකෘතිය අපට පෙන්වා දෙයි.
කාලානුක්‍රමිකව සන්නිවේදන ආකෘති පිළිබඳ ඉතිහාස කතාවක් දැක්‌වීමට පුළුවන. එහෙත් එකල, අද කතාකරන සන්නිවේදන විද්‍යාව ලෝක ශාස්‌ත්‍රීය ප්‍රජාව වෙත ලැබී තිබුණේ නැත. පසු කලක අවුරුදු හැටකට පමණ පෙර වෙනත් විද්‍යා කලා ක්‍ෂෙත්‍ර වලින් කරුණු උපුටා ගෙන සන්නිවේදනයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කළ විද්වත්තු එවැනි ස්‌න්නිවේදන ආකෘති රැසක් ලොවට එළිදරව් කළහ. ධයින් කිහිපයක් මෙහිදී අධ්‍යයනය කරමු. මේ ආකෘති මුහුණ පා ඇති ගැටළුව නම් ඒ ආකෘතිවලින් එකක්‌වත් සියලු උගතුන්ගේම එකඟත්වය ලබා නොමැති වීමයි.
ලෝකයට පළමුවෙන්ම සන්නිවේදනය සම්බන්ධ ආකෘතියක් හදුන්වා දුන්නේ ශ්‍රීසියේ ක්‍රිස්‌තු පූර්ව හතරවැනි ශතවර්ෂයේ විසූ ඇරිස්‌ටෝටල් නම් පඬිවරයාය. වාචික සන්නිවේදනය නම් ශික්‌ෂණයෙහි පදනම අපට සැපයූ එතුමා ලියූ කෘතිය හැඳින්වෙන්නේ "අලංකාර" නමිනි. එතුමාගේ මුල් අදහස වූයේ භාෂණය හෙවත් කථිකත්වය මහජනතාව ඇමතීමට යොදා ගන්නා කථිකයා කරන ක්‍රියාව කුමක්‌ද කියා විග්‍රහ කිරීමයි. අද ලොව විශ්ව විද්‍යාලවල පලදායී සන්නිවේදනය යනුවෙන් හැඳින්වෙන විෂය මෙයයි. එතුමා කියන ආකාරයට අලංකාරය යනු "කිසියම් කරුණක් සම්බන්ධයෙන් කෙනෙකු ප්‍රලෝහනය - පොළඹවා ගැනීම – සඳහා ඇති හොදම උපාය මාර්ගයයි." මෙතැනදී ඇරිස්‌ටෝටල් පඬිවරයා සන්නිවේදන සංස්‌ද්ධියකදී කවර විචල්‍යයන් ගැන සැලකිලිමත් විය යුතුදැයි අපට කියා දෙයි. ධවැනි විචල්‍යතා හතරක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒවා නම්,
1. කථිකයා 2. සන්දේශය 3. ශ්‍රාවකයා 4. ආකෘතිය
ඇරිස්‌ටෝටල් සිතු අන්දමට සන්නිවේදන ක්‍රියාදාමය නොවේ. ඇරිස්‌ටෝටල් ආකෘතිය අනුව සන්නිවේදන ක්‍රියාවලියට අඩංගු විචල්‍යතා පිළියෙළ කරන්නේ ත්‍රිකෝණයක ස්‌වරූපයෙනි. එයින් හඟවන්නේ මේ මූලිකාංග එකිනෙක මත යැපෙන බවයි. වෙනත් වචන වලින් කියත හොත් කථිකයා ශ්‍රාවකයාට බලපෑම් කරයි. ශ්‍රාවකයෝ කථිකයාට බලපෑම් කරති. සන්දේශයක ආකෘතිය සහ අන්තර්ගතය ද කථිකයාට මෙන්ම ශ්‍රාවකයාටත් බලපෑම් ඇති කරයි. ඇරිස්‌ටෝටල් ආකෘතිය.