අන්තර්ගතය සහ අවස්‌ථාව
 

ග්‍රාහකයාගේ මාධ්‍ය භාවිතය කෙරෙහි බලපාන්නේ මාධ්‍යවල අන්තර්ගතය පමණක්‌ නොවේ. මාධ්‍ය ඉදිරිපත් වන සමාජ පරිසරයද එය කෙරෙහි බලපායි. සෝප් ඔපෙරා නමින් බටහිර හැඳින්වෙන හාස්‍යජනක කතා, අවස්‌ථා කොමඩි නාටක, චිත්‍රපට, සඟරා ආදියේ ඇත්තේ මෙලොවින් ඈත් වීමට වුවමනා කරන පරිසරයයි. ලංකාවේ මුද්‍රණය කෙරෙන බොහෝ තරුණ ටැබ්ලොයිඩ් පුවත්පත් වලද මෙම ලක්‌ෂණය ඇත.


ඒ ඒ වයසට ඒ ඒ අයට ගැළපෙන සඟරාවක්‌ හෝ පුවත්පතක්‌ පෙරළා බලන්න. සමහර අය චිත්‍රපට බලන්නට යන්නේ සමාජීකරණය සඳා මිස චිත්‍රපටයේ කලාත්මක අංග, කෝණ, කැමරා භාවිතය, සංස්‌කරණය ගැන කතා කරන්නට නොවේ. මෙහිදී තීරණාත්මක වන්නේ සමාජීය පරිසරයයි.
ජන මාධ්‍යයන්ගේ කාර්යාත්මක ප්‍රවේශ යඅප තුළ උපකල්පනා කිහිපයක්‌ ඇති කරලයි.

1. විවිධ මාධ්‍යයන් සමඟ ග්‍රාහකයන් ඇති කර ගන්නා අන්තර් ක්‍රියා නිසා ඔවුහු සක්‍රිය භුමිකාවක්‌ රඟපාති. ඒ නාලිකාව පුද්ගලයාගේ අවශ්‍යතා ඉස්‌මතු කරමින් ඔහුට උත්ප්‍රේරකයක්‌ ලබා දෙයි.
2. ජනමාධ්‍ය වෙනත් සතුට ගෙන එන මාර්ග සමඟ තරඟ කරයි. විශ්‍රාන්තියක්‌ ලබා ගන්නට වුවමනා නම් නිදා ගත හැකිය. නැත්නම් බීර ටිකක්‌ පානය කළ හැකිය. සමාජීය උපයෝගිතා අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නට සමාජශාලාවකට යා හැකිය.
3. ප්‍රයෝජන සහ ප්‍රතිදාන ප්‍රවේශය අපට කියන්නේ මිනිසා තම අවශ්‍යතා දන්නා බවයි. එමෙන්ම ඒවා වචනයෙන් කියන්ටද දන්නා බවයි. මේ ප්‍රවේශය රඳා ඇත්තේ ජනතාවගේ ප්‍රතික්‍රියා ඔවුන්ගේ සිතිවිලි මනින මානක ලෙස වැදගත් වන බව පිළිගනියි.
මේ අංශවල තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017