මනෝ විද්‍යාඥයින් හදුනා ගත් තවත් අවශ්‍යතාවක් නම් සමාජීය ඒකාබද්ධතාවයි. අපේ පවුල සමඟ, මිතුරන් සමඟ සමාජයේ, අන්‍යයන් සමඟ අපේ සම්බන්ධතා තහවුරු කර ගැනීම අවශ්‍යය. පුද්ගලයාට අන්‍යයන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍යය. මාධ්‍යයෙන් මෙම කාර්ය ඉටු වන විට යඑට කියන්නේ සමාජීය උපයෝගිතාවයි. මෙයද විවිධ රූප ගනියි.
ඔබ කිසියම් සින්දුවක් ගැන, චිත්‍රපටයක් ගැන, රූපවාහිනී වැඩසටහනක් ගැන ඔබගේ මිතුරා සමඟ කතාබහ කෙළේද? එය මාධ්‍යය, සංවාදාත්මක කටයුත්තකට උපයෝගි කර ගැනීමයි. මාධ්‍ය මහජනයාට මේ සමාජීය සඳවාද සඳහා අවස්‌ථා රැසක් ලබා දෙයි. Oබ ලබා ඇති දැනුම වැඩි වන තරමට ඔබට කතා කරන්නට දේවල් තිබේ. ඔබ ලබා ඇති දැනුම වැඩි වන ඔබට කතා කරන්නට දේවල් තිබේ. තවත් අතකින් නාට්‍යශාලාවකට හෝ චිත්‍රපට ශාලාවකට යාම ඔබට ඔබගේ පරණ මිතුරන් හා අළුත් මිතුරන් හමු වන තැනක් බවට පත් වෙයි. චිත්‍රපට ශාලාවකට යන ඔබ අදුරු තැනක වැඩිහිටි සහ සමාජ බැල්මෙන් තොරව ආදරවන්තයා සමඟ ළංව සිටින කල චිත්‍රපටය දෙවැනි තැනට පත් වෙයි. වැදගත් වන්නේ ළංව සිටින එම සමාජ ඇසුරයි.
මෙම ස්‌වභාවය පාරසමාජීය සම්බන්ධතා යනුවෙන් හදුන්වයි. බටහිර රටවල ප්‍රවෘත්ති කියන්නෝ බොහෝ දෙනාගේ පුද්ගලික මිතුරෝ වැන්නාහ. රූපවාහිනියෙන් දුටු මුහුණක් ඔබ මහමඟදී දුටු සැනෙන් මිතුරකු දුටු ආකාරයක් ඇති කර ගනියි.
හරණය
මිනිසාට සමාජයට එක් වන්නට ඇති අවශ්‍යතාව මෙන්ම සමාජයෙන් ඉවත් වීමටද අවශ්‍යතා ඇත. සමහර විට මිනිස්‌සු තමාත් අන්‍යයනුත් අතර පරතරය ඇති කර ගන්නට මාධ්‍ය භාවිත කරති. සමහර විට පත්‍රයක් කියවීම හෝ රූපවාහිනී නාටකයක් බැලීම ඔබ කරන්නේ වෙනත් කළ යුතු වැඩක් අත්හැරීමෙනි. ක්‍ෂෑපවාහිනී නාටකයක් බලද්දී ටැලිෆෝනය නාද වුව හොත් අමුත්තන් ගෙදරට පැමිණිය හොත් ඇතිවන තත්වය කුමක්‌ද? ඔබට එය කාට හෝ පවරන්නට සිත් වෙයි. මේ නිසා සමහර අවස්‌ථාවලින් ඉවත් වීමටද මාධ්‍යය ඔබට පිහිට වෙයි.