උත්තේජනය
 

මානව වර්ගයාට කවර දෙයක්‌ ඉවසා ගෙන සිටියත් නොඉවසිය හැකි ප්‍රධානම දෙය තනිකමයි. ඝිනිසාට සියලු බාහිර උත්තේජකයින් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාමට නොහැකි අවස්‌ථාවක මනස මායාවල් මවා ගනියි. භාවමය හෝ බුද්ධිමය උත්තේජන සොයා යාම මිනිසාගේ ජන්ම ගතියයි. සෙල්ලම් කිරීම, ප්‍රමෝදජනක කටයුතු ආදිය වුවමනා වෙන්නේ මේ නිසාය. බොහෝ දෙනා කියන්නේ කාලය ගත කිරීමට තමා කියවීමට නැඹුරු වු හෝ ශ්‍රවණය කළ බවයි. මිනිසා තනි වූ විට වෙනත් කරන්නට දෙයක්‌ නැතැයි කියා ජනමාධ්‍ය පරිහරණය කරති. එසේ තනි වූ විට කවර හෝ උත්තේජකයක්‌ අවශ්‍යයි. බොහෝ දෙනා එක්‌රැස්‌ වන සාදවලදී උස්‌ හඩින් සංගීතය වාදනය වෙයි. එයින් කරන්නේද උත්තේජනයකි. මාධ්‍ය මගින් මිනිසාගේ තනිකම නැති කිරීමට විවිධ මාර්ග අනුගමනය කෙරෙයි.


විශ්‍රාන්තිය


වැඩිපුර උත්තේජකයද හානිකරයි. මනෝ විද්‍යාඥයින් කියන ආකාරයට පසිදුරන්ට වුවමනාවට වඩා ආරම්මණ ලැබීම නිශේධාත්මක ප්‍රතිඵල ලබා දෙයි. එලෙස අනවශ්‍ය ප්‍රමාණයට උත්තේජන ලැබීම නිසා ඇති වන ඉන්ද්‍රීය නොඉවසිල්ල වෙනත් ආකාරයකින් විසඳා ගත යුතුයි. මාධ්‍ය එවැනි අවස්‌ථාවල දොරටුවක්‌ ලෙස භාවිත කළ හැකිය. සමහර දෙනා කළ යුතු වැඩපළවලින් ඈත් වීමට සිතා පත්‍ර කියවති. සඟරා බලති. රූපවාහිනිය නරඹති. සමහර සඟරා කියවන විට සොම්නසක්‌ ඇති වෙයි. එකිනෙකා ඒ ඒ මාධ්‍ය පරිශීලනයෙන් ලබන සැනසිල්ල වෙනස්‌ වෙයි.  ග්‍රාහකයින් තම තමන් කැමති ආකාරයේ මාධ්‍ය අන්තර්ගතයක්‌ ඇසුරු කර ගෙන විශ්‍රාන්තිය සොයා යන නිසා අන්තර්ගතය ප්‍රධාන තීරකයක්‌ ලෙස නොහත යුතුයි.

(c) Shilpa Sayura Foundation 2006-2017