සමාජය තුළ ජනමාධ්‍ය ඉටු කරන කාර්යයන් ගැන අප කළ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ කරුණු පුද්ගල මට්‌ටමින් ජනමාධ්‍ය ඉටු කරන කාර්යයන් සමඟ සමාන්තභාවයක් දක්‌වයි. පුළුල් කෝණයකින් මේ ප්‍රශ්නය ගැන විමසා බැලූ අප දැන් පුළුල් කෝණයකින් මේ ප්‍රශ්නය ගැන විමසා බැලූ අප දැන් කරන්නේ ඉතා පටු දෘෂ්ටියකින් එම ගැටළුව දෙස අවලෝකනය කිරීමයි. පුද්ගලයා ජනමාධ්‍ය භාවිත කරන්නේ කෙසේද? පුද්ගල මට්‌ටමේදී කාර්යාත්මක ප්‍රවේශයකට කියන පොදු නාමය නම් භාවිත සහ ප්‍රතිදානමය ආකෘතිය යනුයි. මෙයින් කියන්නේ ග්‍රාහක සාමාජිකයින් ජන මාධ්‍යවලින් ග්‍රාහක සාමාජිකයින් ජනමාධ්‍ය වලින් මෙන්ම ජනමාධ්‍ය නොවන මාර්ගවලින්ද අපේක්‌ෂා කරන දේවල් ගැනයි. මාධ්‍ය මගින් සෑහීමකට පත් කළ හැකි අවශ්‍යතාවලට මාධ්‍ය ප්‍රතිදාන යයි නම් කරමු. මේ සම්බන්ධව පිළිතුරු අපට ලැබෙන්නේ විවිධ ජන සන්නිවේදන විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයනයන් ගෙනි. ඔවුහු මෙම ප්‍රතිදාන සතර වර්ගයකට අයත් කොට දක්‌වති.
1. ඥානනය
2. විභජනය
3. සමාජීය උපයෝගීතාව
4. හරණය
ඥානනය
යමක් දැන ගන්නා ස්‌වභාවයට පත්වීම ඥානනයි. යමක් ගැන කරුණු දැන ගැනීමට පුද්ගලයකු ජනමාධ්‍ය භාවිත කරන විට ඔහු හෝ ඇය කරන්නේ මාධ්‍ය ඥානය පරිහරණය, සාරවිශ්ලේෂණ මට්‌ටමින් ගන්නා විට විමසිල්ලෙන් සිටීමේ කාර්ය සමඟ සමාන්තර වෙයි. සන්නිවේදන විද්‍යාඥයින් කියන ආකාරයට පුද්ගලික මට්‌ටමේදී ප්‍රධාන වශයෙන් ඥානන කාර්යයන් දෙකක් සිදු වන බව පෙනේ. කෙනෙක් මාධ්‍ය භාවිත කරන්නේ එදිනෙදා තොරතුරු පැහැදිලිව එක්‌රැස් කර ගන්නටයි. ංනිකා එය භාවිත කරන්නේ යම් යම් දේවල් ගැන තොරතුරු අධ්‍යයනයටයි. ණැත්නම් ඔහුගේ කුතුහලය ඇද ගන්නා කරුණු පමණක් ගැන දැන ගන්නටයි. මේ නිසාම මට වුවමනා ආණ්‌ඩුව කරන්නේ මොනවාද දැන ගන්නයි. “මට ඕන ලෝකෙ වෙන්නේ මොනවාදැයි දැන ගන්නයි. මට අවශ්‍ය දේශපාලන නායකයින් කරන දේ දැන ගන්නයි." යනුවෙන් කියන කී දෙනෙක් අප අතර සිටිත්ද? මේ සියල්ල වර්තමාන කාලීන තොරතුරු දැන ගැනීමේ කාර්යය හදුන්වයි.
විභජනය යනු වෙන අතකට හැරවීමයි. එම හැරවීම විවිධාකාරය. ඒ අතර උත්තේජකය, විශ්‍රාන්තිය, භාව විමෝචනයද මගින් අවධානය වෙන පැත්තකට හරවයි. මේ කරුණු මාධ්‍ය හා සම්බන්ධ කර අධ්‍යයනය කළයුතුයි.