විනෝදජනකය
 

විනෝදජනනය මාධ්‍යවල තවත් එක්‌ කාර්යකි. ජනමාධ්‍ය හතෙන් චිත්‍රපට කලාව සහ ශබ්ද පටිගත කිරීම් යන මාධ්‍ය දෙක ප්‍රධාන වශයෙන්ම විනෝදය සඳහා කැප වුණු මාධ්‍යයි. දෛනික පුවත්පතක ප්‍රවෘත්ති, විහිළු, ප්‍රහේළිකා, සුබාසුබ, ක්‍රීඩා හා ඕපාදූප ආදී සියල්ල සමඟ විනෝදය සඳහා සියයට 12ක්‌ පමණ වෙන් වන බව ඇමෙරිකානු අධ්‍යයනවලින් හෙළිවෙයි. ක්‍රීඩා තොරතුරුද විනෝදය පිණිසයැයි ගත හොත් මෙම ප්‍රමාණය සියයට 14ක්‌ වෙයි. රූපවාහිනිය සාමාන්‍යයෙන් විනෝදය මුල් කර ගන්නා අතර දවසක වැඩසටහන් වලින් හතරෙන් තුනක්‌ පමණ ඒ සඳහා වෙන් වෙයි. ගුවන්විදුලි සේවාවන්හි නම් මේ ගැන වෙනස්‌කම් දිටිය හැකිය. සමහර ගුවන්විදුලි සේවා පැය 24ම ප්‍රවෘත්ති පමණක්‌ ඉදිරිපත් කරයි. ඒවායේ විනෝදය යම්තරමකවත් නැත. සමහර සඟරා මුළුමනින්ම පාහේ විනෝදයට කැප වෙයි. සමහරක ඉතා සුළු ප්‍රමාණයක්‌ ඒ සඳහා වෙන් කෙරෙයි.


අතීතයේදී මේ විනෝදාත්මක කාර්යය මාධ්‍යය මගින් ඉටු කෙරුණේ පුද්ගලාන්තර සන්නිවේදන මගිනි. කථා කියන්නෝ, රාජසභා විකටයෝ, විජ්ජාකරුවෝ මාධ්‍යට පැමිණීමට පෙර යුගවල මේ කාර්යය ඉටු කළහ. ඣනසන්නිවේදනය මේ කාර්යය බාර ගත් පසුව සිදු වී ඇති ප්‍රතිඵල මොනවාද? මාධ්‍යවලට ඉතා අඩු මුදලකින් විශාල ග්‍රාහක සංඛ්‍යාවකට විනෝදය සැපයිය #කිය. මෙයින් විනෝද සමය වඩාත් ප්‍රීතිමත් වෙයි. ජන මාධ්‍යවලින් ඉදිරිපත් කරන විනෝදය හැම විටම විශාල ග්‍රාහක සංඛ්‍යාවකට උචිත විය යුතුය. මේ අනුව ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන විනෝදය පහළම ලන්සුවේ සිටින ග්‍රාහකයාගේ රසඥතාවට ගැළපිය යුතුයි. ද කොස්‌බි ෂෝ සහ ඩිපරන්ට්‌ ස්‌ට්‍රොක්‌ස්‌, මයින්ඩ් යුවර් ලැන්ගේ වේප් වැනි වැඩ සටහන් ගැන ඔබට කිව යුතු නැත. එහෙත් මෙවැනි වැඩසටහන් සම්පාදනය අති දුෂ්කර කටයුත්තකි.


මාධ්‍ය මගින් විනෝදය සැපයීමේ තවත් ප්‍රතිඵලයක්‌ නම් ඔබ නැවත පහසුවෙන් වාඩි වී සිටින අතර අන්‍යයන්ට ඔබ විනෝදවත් කරන්නට අවස්‌ථාව සැපයීමයි. ඔබ කළ යුත්තේ රූපවාහිනියේ ඇණය තද කිරීම හෝ චිත්‍රපට ශාලාවකට ගොස්‌ ආසනයේ වාඩි වීමයි. අනික්‌ වැඩ වෙන අය ඔබ වෙනුවෙන් ඉටු කරයි. ඔබ ගිටාර වාදනය පුහුණු වෙනවාට වඩා රූපවාහිනී වැඩ සටහනක්‌ නෑරඹීමට අකැමැතිද? මේ කරුණ නිසා විචාරකයින් කියන්නේ අනාගත ඇමෙරිකානුවා නරඹන්නෙකු සහ අසන්නකු මිස වැඩකාරයකු නොවන බවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017