පුළුල් අර්ථයකින් ගත හොත් මාධ්‍යය යනු සන්දේශ මූලයක සිට ග්රාහකයා දක්වා සන්දේශයක් ප්‍රේෂණය කෙරෙන නාලිකාවයි. එම නිසා අපි කලින් අවස්ථාවක ශබ්ද සහ ආලෝක තරංග සන්නිවේදන මාධ්‍ය ලෙස දැක්වූයෙමු. ජන සන්නිවේදනයයි කිව හොත් අපට සන්දේශ වහනය සඳහා නාලිකා ද අවශ්‍ය වෙයි.
සන්දේශ වහනය සඳහා ජන මාධ්‍ය මෙවැනි නාලිකා භාවිත කරයි. එහෙයින් මෙම විෂය අධ්යයනයෙහිද ජන මාධ්‍යය යන්නෙන් අදහස් කරන්නේ සන්දේශ විකාශය කැරෙන සහ සන්දේශ ගබඩාගත කෙරෙන යාන්ත්‍රණය පමණක් නොව-රූපවාහිනී කැමරා, ගුවන්විදුලි මයික්රොපෝන සහ මුද්රණයන්ත්ර - සන්දේශ විකාශය සඳහා එකී යන්ත්‍ර භාවිත කරන ආයතනයන්ය. රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා, චිත්‍රපටය සහ ශබ්ද පටිගත කිරීම් යන ජන මාධ්යයන්ගැන සාකච්ඡා කරන විට අප කතා කරන්නේ ජන සන්නිවේදනය නිෂ්පාදනයට ඉවහල් වන ජනතාව, ප්‍රතිපත්ති, තාක්ෂණය සහ ආයතන ගැනයි. මාධ්‍ය වාහකය යනු පුවත්පත, ගුවන්විදුලි ආයතන, රූපවාහිනී ජාලය, සඟරාව ආදිය වැනි ජන මාධ්‍යයන්ගෙන් එක් තනි කොටසක් පමණී.