අප මුලදී දැක්‌වූ සටහනනෙන් සන්නිවේදනය පිළිබඳ පොදු ක්‍රියාදාමයේ මූලික ලක්‌ෂණ විග්‍රහ කෙළෙමු. එහෙත් ජන සන්නිවේදනය ගැන සාකච්ඡා කරන විට ඊට අයත් විශේෂ ගතිලක්‌ෂණ පැහැදිලි කරන විට අප ආකෘතියක් ගොඩ නඟා ගත යුතුයි. මූලික අවස්‌ථාවෙහි ඕනෑම ආකෘතියක් කිසියම් ව්‍යුහයක හෝ ක්‍රියාදාමයක ප්‍රධාන මූලධර්ම පැහැදිලි කර දෙයි. එමෙන් එම ආකෘති එකී මූලධර්ම අතර පවත්නා සම්බන්ධතාද දක්‌වයි. එම නිසා ආකෘති විවිධ හේතු නිසා අධ්‍යයන කටයුතුවලදී උපකාර වෙයි.
1. විවිධ මූලධර්ම සහ සංකල්ප එකිනෙකට පවත්නා සම්බන්ධය සහ නියමාකාරය සංවිධානය සඳහා උපකාර වෙයි.
2. වෙනත් ආකාරයකින් විස්‌තර කිරීම සංකීර්ණවත් කර නැත්නම් අර්ථ ආකුලභාවයට පත් කිරීම කරන නිසා ඉතා සරල ආකාරයකින් තොරතුරු විස්‌තර කිරීමට උපකාර වෙයි.
3. සංසිද්ධීන්ගේ ක්‍රියාදාමවල අවසානය හෝ ප්‍රතිපාදනවල අවසානය පුරෝකථනය කරන්නට උපකාර වෙයි.
එසේම ආකෘති භාවිතය ගැයළු ඇති කරන්නටද හේතු වෙයි. ස්‌වභාවයෙන්ම ආකෘති යනු අසම්පූර්ණ සහ අතිසරල භාවයට පත් වන ඒවාය. හැම පරමාර්ථයකටම ගැළපෙන හෝ අවස්‌ථාවලට ගැළපෙන තනි ආකෘතියක් ඇතැයි නොසිතන්න. ජන සන්නිවේදන ක්‍රියාදාමය අවබෝධ කර ගන්නට අපට මෙම ආකෘති උපකාරවත් වෙයි. අපේ සිතේ ඇති පරමාර්ථයට ගැළපෙන නියමිත ආක්‍යතිය අප තෝරා ගැනීමේදී අප පරිස්‌සම් විය යුතුය.
සන්නිවේදනයේ ගතිකත්වය වටහා ගැනීමට උපකාර වන ආකෘතියක් අපි පරික්‌ෂා කර බලමු. මෙය හදුන්වන්නේ වෙස්‌ට්‌ලි මැක්‌ලීන් ආකෘතිය නමිනි. ඔබට බැලූබැල්මට එය සංකීර්ණ ආකෘතියක්‌යයි සිතෙනු ඇත. එහෙත් එය සෘජු ආකෘතියකි.
පහත එන රූප සටහන බලා මෙම විස්‌තරයක් සමඟ මෙම වෙස්‌ට්‌ලි-මැක්‌ලීන් ආකෘතිය හදුනා ගන්න.
Image |
X, C හඟවන්නේ A ගේ සම්බන්ධයක් නැතිව මාධ්‍යායතනය සොයා ගත් තොරතුරයි. මෙම ආකෘතියේ සී C යනු නාලිකාවයි. මාධ්‍ය ආයතනයක සිට තම ග්‍රාහකයින්ට දිය යුත්තේ කවර සංසිද්ධිදැයි දක්‌වන පුද්ගලයා හෝ පුද්ගලයින් මේ ගණයට වැටෙයි. සී ලා හැම විටම වාගේ අපක්‌ෂපාතීය. ඔවුහු පරමාර්ථ රහිත සන්නිවේදකයෝය.
ආකෘතියේ B යනු චර්යාමය භුමිකාව හෝ පුද්ගලයා හෝ සමූහය හෝ සමාජ පද්ධතියයි. වෙනත් වචනවලින් කියත හොත් B යනු ග්‍රාහකයෝය. මාධ්‍ය ආයතනවලින් සන්දේශ සඳහා ඉලක්‌ක කර ගන්නා ඔබත් මමත් මේ ගණයට වැටෙයි. දකුණේ සිට වමට යන ඊතල හදුන්වන්නේ ප්‍රතිපෝෂණ නාලිකායි. නිදසුනක් ලෙස එෆ්බීසී (FBC) යනු සන්නිවේදන ආයතනයට ග්‍රාහකයන්ගෙන් කෙනෙක් දක්‌වන ප්‍රතිපෝෂණයයි. එය කතුවරයාට ලිපියක් මගින් හෝ ග්‍රාහක පර්යේෂණයකින් එළිදරව් විය හැකියි. එෆ්බීඒ (FBA) යන්නෙන් හැඟෙන්නේ ග්‍රාහකයින්ගෙන් කෙනෙකු -B-සන්දේශ මූලය වෙත -A-වෙත දක්‌වන ප්‍රතිපෝෂණයයි. සන්නිවේදකයාගෙන් ලැබෙන ප්‍රතිපෝෂණය හැඳින්වෙන්නේ එෆ්සීඒ (FCA) ලකුණිනි.
මෙම ආකෘතිය අපට ක්‍රියාදාමය පිළිබඳවද කරුණු ඉදිරිපත් කරයි. කිසියම් පළාතක රැකියා වියුක්‌තිකයන්ගේ සංඛ්‍යාව පසුගිය හය මාසය තුළ ඉතා පහළට වැටී ඇතැයි සිතන්න.- එය X -A භුමිකාව - එයින් වාසි ලබා ගන්නට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවයි. එම සාකච්ඡාව ආවරණය කරන්නට දේශීය රූපවාහිනී සමාගම - C - සී භුමිකාව - පැමිණෙයි. විනාඩි තිහක ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් X1 එදා රැ ප්‍රවෘත්ති වලින් තත්පර හැටක X" ප්‍රවෘත්ති කතාවක් ගොඩ නඟා ඇත. මෙම ආකෘතිය දක්‌වන හැටියට ප්‍රවෘත්ති කතාව X" ඇත්තෙන්ම මුල් සංසිද්ධියෙන් X වෙනස් වෙයි. එමෙන්ම එය දේශපාලනඥයා X' ඉදිරිපත් කරන අර්ථකථනයෙන්ද වෙනස්‌ය. ප්‍රවෘත්ති කතාවේ හැටියට එක්‌කෝ මෙම පනත වැටීම සංඛ්‍යානමය පෙරළියකි. එය දේශපාලනඥයාගේ කටයුත්තක ප්‍රතිඵලයක් නොවෙයි. විවිධ සන්නිවේදන අවස්‌ථා පසු කර ගෙන යන විට සන්දේශවල ස්‌වභාවය වෙනස්‌කම්වලට ලක් වන බව අපට මෙම ආකෘතිය පහදා දෙයි.
මේ ආකෘතිය ජන සන්නිවේදනයේ විශේෂ අංග කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි.
1. ද්වාරපාලනය - තේරීම - බලපවත්වන විවිධ අවස්‌ථා
2. C භුමිකා රැසක් B ලා වෙනුවෙන් තරඟ කරන නිසා පද්ධතිය සතු ස්‌වයංපාලන ස්‌වභාවය.
3. පූර්ණ ක්‍රියාදාමයෙහි ලා ප්‍රතිපෝෂණයේ වැදගත්කම.
මේ සා වැදගත් වූවත් මෙම ආකෘතිය සම්පූර්ණ එකක් නොවේ. මෙම ආකෘතිය සන්නිවේදකයින් සහ ග්‍රාහකයින් සමාජයට දක්‌වන සම්බන්ධතා විස්‌තර නොකරයි. A සහ C දේශපාලනික සහ ආර්ථික පරිසරයෙන්ද ඔවුන්ගේ ආයතනයේ සැලසුමෙන්ද බලපෑම් ලබයි. ග්‍රාහක සාමාජිකයෝ ද B විශාල සමාජ පරිසරයේ කොටසකි. ඔවුහු පවුල්වලට අයිති වෙති. ඒවායේ මිතුරෝ, පන්ති සගයෝ එකට වැඩ කරන්නෝ සිටිති. එහෙයින් සමහරකදී සමාජීය ක්‍රියාදාමයේ බලපෑම අමතක නොකළ හැක්‌කකි.