(Mass communicators) මාස් කමියුනිකේටර්ස් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන පදය සිංහල විය යුත්තේ ජන සන්නිවේදකයා යනුවෙනි. එහෙත් අවාසනාවකට මෙන් අප රටේ සියලුම දෙනා ජන මාධ්‍යවේදීහුය. ජන මාධ්‍යකරුවෝ නොමැත්තෝය. ඒ නිසා පළමුව අපි ජන සන්නිවේදකයාගේ මූලික ලක්ෂණ මෙහි සාකච්ඡා කරමු.
ජන සන්නිවේදන පද්ධතිවල ස්වභාවය සහ කාර්යමාලාව
1. ජන සන්නිවේදනය බිහි වන්නේ සංකීර්ණ සහ විධිමත් ආයතනවලිනි.
2. ජන සන්නිවේදන ආයතනවල බහුවිධ ද්වාරපාලකයෝ සිටිති.
3. ජන සන්නිවේදන ආයතනවලට ක්‍රියාත්මක වීම සඳහා විශාල ධන සම්භාරයක් අවශ්‍යයි.
4. ජන සන්නිවේදන ආයතන පවතින්නේ ලාභ ඉපයීම සඳහාය.
5. ජන සන්නිවේදන ආයතන අතර බරපතළ තරඟයක් ඇත්තේය.
විධිමත් ආයතන
පුවත්පත් හා ප්‍රකාශන ආයතනයක් හෝ රූපවාහිනී හෝ ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය පාලනය, පිරිස් කළමණාකරණය, කටයුතු සම්බන්ධීකරණය සහ අධිකාරය ක්‍රියාවට නැංවීමද අවශ්‍යයි. මෙම කාර්ය මාලාව ඉටු කර ගත හැක්කේ ඉතා පැහැදිලිව අර්ථකථනය කරන ලද ආයතනික ව්‍යුහයක් ඇත්නම් පමණී. එන ආයතනික ව්‍යුහය විශේෂිකරණය, ශ්‍රම විභේදනය සහ වගකීම පිළිබඳ නාභිගත ක්ෂෙත්ර ගැන විශේෂයෙන් විස්තර සහිතව තිබීම අවශ්‍යයි. මෙවැනි ව්ය{හයකින් අදහස් කරන්නේ ජන සන්නිවේදනය නිලධාරිවාදයක ප්‍රතිඵලයක් බවයි. කවර නිලධාරිවාදයක වුවත් තීරණ ගැනීමේ ශක්තිය කළමණාකරණයේ විවිධ මට්ටම්වලට හිමි වන්නාක් මෙන්ම සන්නිවේදන නාලිකා (ආයතනයක් තුළ) ද මැනවින් සංවිධානාත්මක භාවයෙන් පවතියි. මේ නිසා කිසියම් පුවත්පතක පළ වන දේවල් සහ ගුවන්විදුලි හෝ රූපවාහිනී වැඩසටහන්වල ඉදිරිපත් කෙරෙන කරුණු හෝ යම් යම් කමිටු හෝ කණ්ඩායම් ගත් තීරණවල ප්‍රතිඵලය. මෙයින් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ නිලධාරිවාදයේ ආරෝහණ මට්ටම්වල විවිධ පුද්ගලයින් විසින් තීරණ ගන්නා අතර, එය ආයතනය තුළ පූර්ව නිශ්චිත සහ අනාගත ප්‍රකාශිත රටා තුළින් සන්නිවේදනය වන බවත්ය. මෙම තත්වය වරින් වර අනවබෝධයට සහ ගැටළු ඇති කරන්නටද හේතු වෙයි.
මෙවැනි අනවබෝධයක් නිසා හට ගත් ගැටළුදායක තත්වයක් නැෂනල් බ්‍රෝඩ්කාස්ටින් කම්පැනි (එන්බීසී) නම් ඇමෙරිකානු ප්‍රධාන රූපවාහිනී ආයතනයෙහි 1968 නොවැම්බර් 17 වැනි දින සිදු වූ බව ජෝසප් ආර් ඩොමිනික් ආචාර්යවරයා කියයි. ධදින සැන්දෑවේ හතට ප්‍රචාරය වීමට තිබුණේ ස්වීස් ජාතික ළදැරියක සහ ඇගේ සීයා ගැන අතිජනප්‍රිය කතාවකි. ඒ වන විට තිබුණේ කැලිපෝනියාවේ පැවැත්වුණු ඕක්ලන්ඩ් රෙයිඩර්ස් කණ්ඩායම සහ නිව්යෝක් ජෙට්ස් කණ්ඩායම අතර පාපන්දු තරඟයයි. පාපන්දු ක්‍රීඩාව ඇමෙරිකාවේ ජාතික ක්‍රීඩාවක් තරම්ම ජනප්‍රියයි. මෙය තීරණාත්මක තරඟයක් විය. රූපවාහිනී මධ්‍යස්ථානයේ බලකාරයන් මෙලෙස පේළි ගැසිය හැකිය.
1. ජුලියන් ගුඩ්මන් - සමාගමේ සභාපති
2. කාල් ලින්ඩෙමාන් - උප සභාපති – සමාගමේ ක්‍රීඩා වැඩසටහන් බාර
3. ස්කොට් කොනල් - එන්.බී.සී. ක්‍රීඩා වැඩසටහන් කළමණාකරු
4. ඩොන් එලිස් - ඕක්ලන්ඩ්හි එන්.බී.සී. ක්‍රීඩා නිෂ්පාදක
5. කැලිපෝනියාවේ බර්බෑන්කිහි සිටින සහාය අධ්යක්ෂ
6. නිව්යෝක් නුවර සිටි එන්.බී.සී. බ්‍රෝඩ්කාස්ටින් ඔපරේෂන්ස් බාර ප්‍රධාන ඉන්ජිනේරු.
හැන්දෑවේ හතට පාපන්දු තරඟය දිගටම පවත්වනවාද? නැත්නම් නියමිත වෙලාවට හෙයිඩි පෙන්වනවාද? දැන් තීරණයක් ගත යුතුයි. හැන්දෑවේ 6.41වන විට නිව්යෝක් ජෙට්ස් කණ්ඩායම ලකුණු 32ක් ලබා ගෙන ඉදිරියෙන් සිටියහ. ඕක්ලන්ඩ් කණ්ඩායමේ ලකුණු ගණන 29කි.
6.41 ලින්ඩ්මන් කොනල්ට දුරකථනයෙන් කථා කොට ගේම හත පහුවෙලත් යාවියයි කීවේය. වෙලාව ඉක්මවා යාමය සභාපතිතුමාගෙන් තමා අවසර ගන්නා බව ලින්ඩ්මන් කීවේය.
6.55 ලින්ඩ්මන් කොනල්ට කතා කොට සභාපතිතුමා තරඟය අවසානය දක්වාම ප්‍රචාරය කළ යුතුයයි කී බවක් කීවේය. මේ නිසා හෙයිඩි පටන් ගන්නට ප්‍රමාද වීය.
6.56 කොනල් නිව්යෝක් නුවර ක්‍රියාන්විත මැදිරියට කථා කළේය. එහෙත් කථාකළ නොහැකි විය. හේතුව වූයේ නිව්යෝක් වැසියන් හෙයිඩි පෙන්වනවාද? නැත්නම් මේ ජරා ගේම දිගටම කරනවාද? කියා දැන ගන්නට කථා කිරීම නිසා යතුරුපුවරුවට ළගා වීමට අසීරු වීමයි. කොනල්ට කුමක් කළ යුතුදැයි සිතා ගන්නට බැරි විය.
6.57 හදිසියේම බර්බෑන්ක්හි එන්.බී.සී. මැදිරියේ සිට කෙළින්ම නිව්යෝක් නුවරට කථා කළ හැකි ලයින් එකක් ඇති බව මතක් විය. ඔහු ඕක්ලන්ඩ්හි සිටින ඩොන් එලිස්ට කතා කොට ඔහු ලවා බර්බෑන්ක්වලටත් එතැනින් නිව්යෝක් නුවරටත් පණිවිඩය දුන්නේය.
6.58 කොනල් එලිස්ට කීවේ මෙසේය. "ඩොන් බර්බෑන්ක්වලට කතා කළා. නිව්යෝක් වලට කියන්න සභාපතිතුමා ක්‍රීඩා තරඟය දිගටම කරන්න කිව්වා කියල." ධලිස් බර්බෑන්ක් වලට කතා කොට "නිව්යෝක්වල එන්.බී.සී. යට කියන්න සභාපතිතුමා පාපන්දු තරඟය දිගටම පෙන්නන්න ඕන කියල"
බර්බෑන්ක්හි සිටි සහාය අධ්යක්ෂවරයෙක් නිව්යෝක්වල සිටින ක්‍රියාන්විත මැදිරියේ ප්‍රධාන ඉංජිනේරුවාට කතා කොට "ඕක්ලන්ඩ්වල ඉන්න අය කියනවා සභාපතිතුමා දිගටම ගේම ගෙනියන්න අවසර දුන්න කියල."
6.59 මෙවැනි වැරදි සන්නිවේදන පටිපාටියකට පුරුදු ප්‍රධාන ඉංජිනේරුවා "මම කවුද ඒක එකාගෙන් ඕඩර්ස් ගන්න" යයි කියා ක්‍රීඩා තරඟය නතර කොට නියමිත හෙයිඩි වැඩසටහන ආරම්භ කළේය. ස්කොට් කොනල්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.
7.01 ට ඩොන් එලිස් දුරකථනයෙන් ස්කොට් කොනල්ට කථා කර, "ඕක්ලන්ඩ් දිනුවා" යයි කීවේය.
සිදු වූයේ හතයි තත්පර පනහට වැටී සිටි කණ්ඩායමට ලකුණු සංඛ්‍යාව 14කින් වැඩි වීමයි. ඕක්ලන්ඩ් කණ්ඩායම ලකුණු 43ක් ගත් අතර නිව්යෝක් කණ්ඩායමට ලැබුණේ ලකුණු 32කි.
මෙවැනි අවස්ථාවල අවසාන තීරණය රඳා ඇත්තේ ආයතනයේ සභාපතිටයි. ඒ නිසා නියමිත නාලිකාවන් භාවිත නොකළ හොත් එවැනි අවුල් විය හැකිය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා කවර පරිපාලන කාර්යයක් ඉටු කළත් මෙවැනි අවස්ථාවක සභාපති සමඟ එක්ව තීරණය ගැනීම සම්මතයයි. 1991 සුගතදාස ක්‍රීඩාංගණයේ සිට සාෆ් තරඟ -– දකුණු ආසියානු ක්‍රීසා උළෙලේ පරිසමාප්තිය – සවස 6.30ට අවසාන විය යුතුව තිබුණි. නමුත් එසේ නොවුණි. දෙමළ ප්රවෘත්ති කල් දැමිය යුතුද? නැද්ද? යන්න තීරණය කළේ සභාපතිය. එවැනි තීරණ නොගැනීමේ ප්‍රතිඵල 1994 ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්රකාශනයෙන් පසුව තිරය මත කිසිදු රූප සටහනක් නොවැටීමෙන් ප්රත්යක්ෂ විය. වැඩ සටහන අවසාන කළයුතුද? ප්‍රධාන පාලක මැදිරියට බාර දිය යුතුද? යන්න තීරණයට කෙනෙකු නොවූ බව පැහැදිලිව පෙනුණි.
තවත් අවස්ථාවක නිලධාරිවාදයේ විවිධ පුද්ගලයින් සතුටට පත් කරන තීරණද ක්‍රියාත්මක වන අවස්ථා ඇත. කලකට පෙර අවසඳ නම් රූපවාහිනී නාටකය නතර කිරීම ගැන සභාපතිවරයා පවා දැන සිටියේ නැත. එය අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයක් පමණී. දෙමළ ප්රවෘත්ති ප්‍රචාරයකින් ඉදිරිපත් කැරුණු සිංහල හමුදා නිලධාරියකුගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය සභාපතිවරයා විසින් සිංහල ප්රවෘත්ති බුලටිනයෙන් ඉවත් කරන ලදී. ධවැනි අවස්ථාවල නියමිත සහ නිවැරදි නාලිකා භාවිත කළ යුතුයි. "අසවලාට කියන්න මෙහෙම කරන්නය කියා" වැනි නියෝග මාධ්‍ය ක්ෂෙත්රය තුළ බලරහිත බව පැහැදිලිය. බලරහිතවාටත් වඩා එවැනි අවස්ථා අවුලට මුල් වෙයි.