ජන සන්නිවේදන පසුතලය
 

ප්‍රධාන සන්නිවේදන පසුතලවලින් තුන්වැන්න ජන සන්නිවේදනයයි. යන්ත්‍ර සහායක සන්නිවේදනය සහ ආධාර රහිත පුද්ගලාන්තර සන්නිවේදනයත් අතර වෙනස්‌කම් දක්‌නට හැකි නමුත් යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය සහ ජනසන්නිවේදනය අතර වෙනස්‌කම් පැහැදිලි නැත. එහෙයින් මේ ගැන නිගමනයකට ඒමට පහසුම මඟ නම් ජන සන්නිවේදනය යනු කුමක්‌දැයි අර්ථකථනය කිරීමයි.


කිසියම් සංකීර්ණ ආයතනයක්‌, එකක්‌ හෝ බහු සංඛ්‍යාවක්‌ යන්ත්‍ර සූත්‍ර පරිහරණය කරමින් අසමජාතික, විශාල සහ විසිරී පැතිරී සිටින ග්‍රාහකයින් වෙත පොදු සන්දේශ නිර්මාණය කොට විකාශ කිරීම ජන සන්නිවේදනයයි. මෙම අර්ථකථනයෙහි පීඩාකර භාවයක්‌ ඇතැයි හැඟෙතත් බොහෝ දුරට මෙය අපට ප්‍රයෝජනවත් වෙයි. එහෙත් මේ අර්ථකථනයෙහි දී වුවද අදුරු වර්ණ ස්‌ථාන කිහිපයක්‌ ඇත. ජන සන්නිවේදනයක්‌ වීමට අවශ්‍ය කරන ග්‍රාහක සංඛ්‍යාවේ ප්‍රමාණය කුමක්‌ද? කෙතරම් දුරට භින්න ජාතියක්‌ද? ආයතනය කොයි තරම් සංකීර්ණ විය යුතුද? ඒ නිසා සීමා ගැන නම නියමයක්‌ නැත.


මෙවැනි ප්‍රශ්න කිරීම් මඟින් ඇති කරවන අදහස අපට බාධාකරයැයි වැටහීමක්‌ ඇති වුවත්, සමහර අවස්‌ථාවල එවැනි අර්ථකථනයක්‌ කිරීම අපේ පහසුවට හේතු වෙයි.


නිදසුනක්‌ ලෙස, කුඩා නගරයක කලබලකාරි පාරක සිටුවා ඇති බිල්බෝඩ් එකක්‌ ගන්න, මෙම බිල්බෝඩය මුද්‍රණ යන්ත්‍රයක්‌ භාවිත කළ නිසා යන්ත්‍ර ආධාරක සන්නිවේදනයකි. එහෙත් මෙය ජන සන්නිවේදනයද? ස්‌වයංක්‍රිය ලියුම් ලියන යන්ත්‍රයකට එක සමාන ලියුම් දාහක්‌ මුද්‍රණය කළ හැකිය. එය ජන සන්නිවේදනයද? ඒ නිසා එවැනි ප්‍රශ්නවලට නියත පිළිතලරක්‌ නැත. එම නිසා අපි යන්ත්‍ර ආධාරක පුද්ගලාන්තර සන්නිවේදන සහ ජන සන්නිවේදන යන දෙක අතර වෙන් කිරීමේ නියත රේඛාවක්‌ අඳින්නට අසමත් වෙමු. එහෙයින් ජන යන පදයෙන් ලැබෙන ප්‍රමාණය අර්ථගත කළහැක්‌කේ යම් යම් පසුතල සලකා බැලීමෙනි. ංප මුල් පරිච්ඡේදයේදී දැක්‌වූ සන්නිවේදන ක්‍රියාදාමයට සම්බන්ධ මූලධර්ම අට ගැන සලකන විට ඔබට වඩාත් සාර්ථක අර්ථකථනයක්‌ ලැබෙන බව නම් ස්‌ථිරය.


ජන සන්නිවේදන මූලයක ආරම්භය යනු කිසියම් ආයතනික පසුතලයක්‌ මත පූර්ව නිශ්චිත ක්‍රියාවක්‌ සඳහා සම්බන්ධ වන පුද්ගලයන් කණ්‌ඩායමකි. ධයින් හැඟී යා යුත්තේ ජන සන්නිවේදනය යනු තනි පුද්ගලයෙකුගේ නොව වැඩි ගණනකගේ සාමූහික නිෂ්පාදනයක්‌ බවයි. ප්‍රවෘත්ති ලේඛකයෝ ප්‍රවෘත්ති ලේඛකයෝ ප්‍රවෘත්ති එක්‌රැස්‌ කරති. ලේඛකයෝ අත්පිටපත් සකස්‌ කරති. විකට චිත්‍රශිල්පියෝ චිත්‍ර අඳිති. වෙළඳ දැන්වීම් අංශය ඒවා පිළියෙළ කරති. හැඩතල මවන්නෝ තැනින් තැන අලවා සකස්‌ කරති. නැත්නම් පරිගණකගත කරති. තාක්‌ෂණිකයෝ ලිඛිත වචන සහ රූප යාන්ත්‍රණ මාර්ගයෙන් නිර්මාණය කරති. මුද්‍රිත පත්‍ර බෙදාහැරීමේ අංශයට දෙයි. ඒවා රට පුරා බෙදා හරිති. මේ සියල්ලටම පිටුපස මුදල් යොදවන ප්‍රකාශකයෙක්‌ සිටියි. ඔහුට ගොඩනැගිලි, මුද්‍රණාල, කාර්යමණ්‌ඩල, ලොරි, කඩදාසි, තීන්ත ආදිය සඳහා මුදල් ගෙවන්නට සිදුවෙයි. මෙයින් පෙනී යන්නේ පුවත්පතක්‌ යනු තනි පුද්ගල ව්‍යායාමයක ප්‍රතිඵලයක්‌ නොව සමූහයක එක්‌ වීමේ ප්‍රතිඵලයක්‌ බවයි.


ජන සන්නිවේදන ආයතනවල බොහෝ කොට තම ග්‍රාහකයින් ගැන පැහැදිලි විස්‌තර නැත. එකතු කර ගත් දත්ත ඇතත් ඒවා ඕනෑම ග්‍රාහක සමූහයක ගති ලක්‌ෂණ  විග්‍රහ කරන ඒවාය. කුරුණෑගල, ගල්ගමුව, අනුරාධපුර පාඨකයින්ගේ ස්‌වභාවය ගැන පුවත්පත් කතුවරු දනිති. තම පාඨකයන්ගේ වයස්‌ පරතරය දනිති. එහෙත් කතුවරයකුට එකඑ ක පුද්ගලයාගේ රසිකත්වය, වුවමනා දේවල් ආදිය ගැන හැඟීමක්‌ ඇති කර ගත නොහැකිය. ඒ නිසා ග්‍රාහකයෝ නිර්නාමික කණ්‌ඩායමකි.


ජන සන්නිවේදනයේදී සංකේතනය බහු අවස්‌ථාමය ක්‍රියාදාමයකි. ඡිත්‍රපට නිෂ්පාදකයකුට අදහසක්‌ එයි. ඔහු ඒ ගැන චිත්‍රපට තිර නාටක රචකයකුට කතා කරයි. ඔහු පිටපත ලියයි. ෂමහර විට කාර්මික පිටපතක්‌ සකස්‌ කර ගන්නට තවත් කෙනෙකු හමුවෙයි. පිටපත අධ්‍යක්‌ෂට යයි. ඔහු එය කැමරාවට පරිවර්තනය කරයි. දළ පිටපත සංස්‌කාරකට යයි. ඔහු තැනින් තැන සංස්‌කරණය කර අවසාන පිටපත සකස්‌ කරයි. ප්‍රක්‌ෂේපණ යන්ත්‍ර මගින් ග්‍රාහකයා වෙත චිත්‍රපටය ඉදිරිපත් කෙරෙයි. මෙය චිත්‍රපට නිෂ්පාදනය ගැන දළ සටහනක්‌ වුවත් මෙහි කී වරක්‌ සංකේතනය ගැබ් වී තිබේද?


සන්දේශයක්‌ යැවීම සඳහා ජන සන්නිවේදන නාලිකාවක්‌ අවම වශයෙන් එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ හෝ යන්ත්‍ර භාවිත කරයි. මෙම යන්ත්‍ර මගින් සන්දේශය එක්‌ නාලිකාවකින් වෙනත් නාලිකාවකට පෙරළෙයි. රූපවාහිනිය ආලෝක බලශක්‌තිය විදුලිබල ශක්‌තිය බවටත් නැවතත් ආලෝකබල ශක්‌තිය බවටත් පරිවර්තනය කරවන සංකීර්ණ මෙවලම් භාවිත කරයි. පුද්ගලාන්තර සන්නිවේදනයේදී නම් නාලිකා රැසක්‌ ප්‍රයෝජනයට ගත හැකිය. එහෙත් ජන සන්නිවේදන නාලිකා එකකට හෝ දෙකකට සීමා වෙයි.


ජන සන්නිවේදනයේදී සන්දේශ අයිතිවන්නේ මහජනතාවටයි. අතේ සල්ලි ඇති කෙනෙකුට පුවත්පතක්‌ මිළයට ගත හැකිය. රූපවාහිනී යන්ත්‍රයක්‌ ඩෙක්‌ එකක්‌ද එසේය. නැත්නම් කාගෙන් හෝ ණයට ඉල්ලා ගන්නටද හැකිය. මෙම සන්දේශය හැම ග්‍රාහකයෙකුටම ළං කෙරෙයි. ඇත්තෙන්ම ජන සන්නිවේදනය අමතන්නේ "ඒ සන්දේශය වුවමනා අයට පමණයි"ඔබ රූපවාහිනී තිරය මත ඇස්‌ යොමු නොකොට මහපාරේ ඇවිදින්නේ නම් ඔබට ඒ වැඩසටහන සම්බන්ධ නැත. එසේම මෙම සන්දේශ ඉතා මුදල් වියදම් යන ඒවාය. ලංකාවේ පැය භාගයක රූපවාහිනී වැඩසටහනක්‌ සඳහා රුපියල් දෙලක්‌ෂයක්‌ පමණ වැයවෙයි.
ජන සන්නිවේදනයේ සන්දේශයේ පර්යන්ත සීමා කර ගැනීම වඩාත් පහසුය. ඇණයක්‌ තද කළ කල්හි රූපවාහිනී සන්දේශය අවසාන වෙයි. සමහර ගුවන් විදුලි සහ සීඩී යන්ත්‍ර ස්‌වයංක්‍රීයව අවසනා වෙයි. පුවත්පතක්‌ පැත්තකට වීසි කළ කල්හි සන්දේශයේ ගමන නතර වෙයි. මෙවැනි ක්‌ෂණික නතර කිරීම් නොකරන්නට බලයක්‌ මාධ්‍ය මූලයට නැත. මේ තත්වය වටහා නොගන්නා සන්නිවේදකයෝ පුරුද්දට මෙන් "තවත් ප්‍රවෘත්ති මෙම වෙළඳ දැන්වීමට පසු" කියා මෝඩකම් කරති.


සන්දේශය හ්‍රහණයට පෙර ජන සන්නිවේදනය සාමාන්‍යයෙන් බහුවිධ විකේතනයෙහි යෙදෙයි. ටේප් ඩෙක්‌ යන්ත්‍රය චුම්බකත්ව අංශු රටා ශබ්ද තරංග බවට විකේතනය කරයි. එසේ නොකළ හොත් අපේ ශ්‍රවණීය යාන්ත්‍රණයට ඒවා අසු නොවේ. රූපවාහිනී ග්‍රාහකයා දෘශ්‍ය විකාශයද විකේතනය කරයි.


ජන සන්නිවේදනයේ ඇති මූලික වැදගත් ගති ලක්‌ෂණයක්‌ නම් ග්‍රාහකයනුයි. ජන සන්නිවේදනයේ ග්‍රාහක සංඛ්‍යාව අති විශාලය. සමහර විට එය මනින්නේ දස ලක්‌ෂ ගණන් වලිනි. එමෙන්ම එය අති සංකීර්ණය. වයස, මට්‌ටම, ලිංගිකත්වය, දේශපාලන අදහස්‌, ග්‍රෝත්‍රික හැඟීම්, ආගමික භක්‌තිය, බුද්ධිය යන කරුණු අතින් මේවා විවිධාකාර වෙනස්‌කම් සහිත කණ්‌ඩායම්ය. එමෙන්ම ග්‍රාහකයෝ තැනින් තැන විසිරී පැතිරී සිටිති. විශාල භුගෝලීය ප්‍රදේශයක වාසය කරන ග්‍රාහකයන් ඉදිරියෙහි සන්දේශ මූලයන්, ග්‍රාහකයත් යන දෙක එක්‌ කළ නොහැකිය. මේ දෙකෙහි කායික පෙනුමක්‌ දැකිය නොහැකිය. ඔබ නරඹන සීඑන්එන් ප්‍රවෘත්ති සේවය තවත් රටවල් සියයකට වැඩි ගණනක ප්‍රේක්‌ෂකයෝ ද නරඹති. ඔබ ඔවුන් කවුරුන්දැයි දන්නේ නැත.


ජන සන්නිවේදනයේදී ග්‍රාහක පිරිස යන්න ස්‌වයං අර්ථනිරූපිත ඒකකයකි. ග්‍රාහකයා තමා නැරඹිය යුතු චිත්‍රපටය, කියවිය යුතු පුවත්පත සහ නැරඹිය යුතු රූපවාහිනී වැඩසටහන තීරණය කර ගනියි. පුද්ගලාන්තර සන්නිවේදන සහාය යන්ත්‍ර ආධාරක පුද්ගලාන්තර සන්නිවේදන පසුතලවල සමහර විට ඔබම තෝරා ගෙන ඔබටම සන්දේශය ඉදිරිපත් කරයි. නුවර වීදියක යන ඔබට ස්‌වීප් ටිකට්‌ විකුණන්නා අමතන්නේ ඔබට වාසනාව ඇතැයි කියාය. ඔබ කවුරුන්දැයි ඔහු දන්නේ නැත. එහෙත් ජන සන්නිවේදනයේදී ඔබ සෘජුවම ඉලක්‌ක කර ගෙන සන්දේශය නිකුත් කරයි. ඔබ නිදා ගෙන සිටියා නම් ඔබට සන්දේශය ලැබී නැත. මේ නිසා බොහෝ ජනමාධ්‍ය ආයතන ඔබගේ අවධානය යොමු කරවා ගෙන තමන්ගේ ග්‍රාහකයන් අතරට ඔබත් එක්‌ කර ගැනීමට තැත් කරයි. විශාල ලෙස මුදල් වැය කරයි.


පුද්ගලාන්තර සන්නිවේදනයෙන් ජන සන්නිවේදනය තවත් වෙනස්‌ වන විශේෂයක්‌ නම් ප්‍රතිපෝෂණයයි. ජන සන්නිවේදනයේදී සාමාන්‍යයෙන් සන්දේශ ප්‍රවාහය එක්‌ පැත්තකට පමණී. සන්දේශ මූලයේ සිට සන්දේශ ග්‍රාහකයාටයි. එහිදී ප්‍රතිපෝෂණය ඉතාමත් අවමයි. ං#ත්ත කියනවා නම් බොහෝ ජන සන්නිවේදන පසුතලවලදී ග්‍රාහකයා සහ සන්දේශ මූලය අතර ප්‍රතිපෝෂණයක්‌ නොවෙනවායයි කීම වඩාත් උචිතය. ඔබ කරන පැමිණිලිවලට මාධ්‍ය ආයතනවලින් පිළිතුරු ලැබේද? ලැබුණත් ඒ පිළිතුර ලිපිය ලද බවක්‌ නොවේද? අවසාන වශයෙන් කිව යුත්තේ ජන සන්නිවේදන පසුතලය අර්ථවිද්‍යාත්මක පරිසරාත්මක හෝ යාන්ත්‍රික ඝෝෂණය විය හැකි බවයි. එක්‌ යන්ත්‍රයකට වඩා භාවිත වන කල සමහර විට යාන්ත්‍රික ඝෝෂණය තවත් වැඩි විය හැකිය. පරණ චිත්‍රපටයක පරණ පිටපතක්‌ බලන්න. හිම තිත් වැටෙන තිරයක රූපවාහිනිය නරඹන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017