පරිගණකගත දත්ත බේස් එකක් හරහා දායකයන්ට තොරතුරු සහ අනික් සේවා සපයන ප්‍රධාන සමාගම් හතරක් ඇමෙරිකාවේ ඇත. කොම්පියුසර්ච්, ප්‍රොඩිජි, ජෙනී සහ ඩෙල්ජි ඒ හතරයි. ඇමෙරිකාවේ පමණක් දායකයින් විසි ලක්‌ෂයකට වඩා වැඩි පිරිසකට විද්යුත් පුවත්පත් කියවීම, සෙල්ලම් කිරීම, සේවා සහ භාණ්‌ඩ මිළ දී ගැනීම, විද්යුත් විශ්වකෝෂවලින් කරුණු සොයා ගැනීම, ගුවනම් යානා ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීම, විද්යුත් තැපැල් යැවීම, විද්යුත් බුලටින් බෝඩ්වල අනික් අයෙකුට පණිවිස තැබීම යන සේවා පරිගණක සහ දුරකථන රැහැන් භාවිතයෙන් ලබා දෙයි. මේ සඳහා අය කැරෙන මුදල් ගාස්‌තු ඩොලර් 10 සිට 50 දක්‌වා වෙයි. එනම් මාසයකට රුපියල් 1000 සිට 5000ක් වෙයි.