මෙම අවස්ථාවෙහි හෙවත් දෙවැනි පසුතලයෙහි පුද්ගලාන්තර සන්නිවේදනයේ සහ ජන සන්නිවේදනයේ අංග ලක්ෂණ සම්බන්ධ වීමක් සිදු වෙයි. මෙහිදී තනි පුද්ගලයෙක් හෝ සමූහයක් යාන්ත්‍රික මෙවලමක් හෝ මෙවලම් උපකාරයට ගෙන එක් ග්‍රාහකයෙකු සමඟ හෝ ග්‍රාහකයින් කණ්ඩායමක් සමඟ සන්නිවේදනය සිදු වෙයි. මෙහිදී සන්දේශ මූලය සහ ග්රාහකයා එකිනෙකා ඉදිරිපිට භෞතික වශයෙන් සිටීමේ අවශ්‍යතාවක් නැත.
ඇත්තෙන්ම යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනයේදී බලපාන වැදගත් ලක්ෂණයක් නම් එය සන්දේශ මූලය සහ ග්රාහකයා, කාලය සහ අවකාශය යන අංග දෙකින් වෙන් කර තැබීමයි. යන්ත්‍රයකට කිසියම් සන්දේශයක් කඩදාසියක් මත, චුම්භකත්ව පටයක් මත හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයක් මත හෝ තුළ ගබඩාගත කිරීමෙන් එ මසන්දේශයට ස්ථාවරභාවයක් දීමට පුළුවන්කම ඇත.
එසේම යන්ත්‍රයකට විස්තාරණය කිරීමෙන් හෝ විකාශය කිරීමෙන් හෝ සන්දේශයක පරාසය දුර බැහැර තැන්වලට ව්‍යාප්ත කළ හැකිය. මයික්‍රොෆෝනයක් නැති තැන කෙනෙකුට කතා කළ හැක්කේ මානව කටහඩ ඇසෙන තෙක් මානයක සිටින පිරිසකට පමණී. මහජන ආමන්ත්රණ යන්ත්‍ර භාවිත කළ විට දහස් ගණනකට කතා කළ හැකිය. දුරකථන මෙවලමකට සැතැප්ම දහස් ගණන් දුර සිටින දෙදෙනෙකුට කතා කරන්නට අවස්ථාව දිය හැකිය.
1959 දී ඇපලෝ 11 හඳ ගමනේ යෙ දුණු අජටාකාශගාමීන්ට මහ පොළොවේ සිට රිචර්ඩ් නික්සන් ජනාධිපතිවරයා පුද්ගලයාගෙන්-පුද්ගලයාට කතාබහක යෙදුණේය. පෑනක් සහ කඩදාසියක් අත ඇතිව සිටි ඔබට - මේ දෙක ඉතා සරල යන්ත්‍රය,-සැතැපුම් දසදහස් ගණනක් ඈතක සිටින කෙනෙකුට පණිවිඩයක් යැවිය හැකිය. එම ලියුම් වර්ෂ ගණනකට පසුව නැවත නැවතත් කියවිය හැකිය. එවිට අළුත් අත්දැකීමක් සන්නිවේදනය වන්නටද පුළුවන.