ඔබට දැන් සන්නිවේදන ක්‍රියාදාමයක මූලධර්ම ගැන අවබෝධයක් ඇත. සන්නිවේදන ක්‍රියාදාමයක පොදු සන්නිවේදන පසුතල තුනක් හෙවත් අවස්‌ථා තුනක් ඇත. එම මූලධර්ම ඒ ඒ පසුතලය මත වෙනස් වෙනස් ආකාරයෙන් ක්‍රියා කරන්නේ කෙසේදැයි මෙතැන සිට විග්‍රහ කර බලමු.
පුද්ගලාන්තර සන්නිවේදන පසුතලය
පළමුවැනි සහ වඩාත් පොදු පසුතලය නම් පුද්ගලාන්තර සන්නිවේදනයයි. මෙයට අභිමුඛ සන්නිවේදනය සහ මුහුණට මුහුණලා කරන සන්නිවේදනය යන ව්‍යවහාරද භාවිත වෙයි. මෙහිදී යාන්ත්‍රික මෙවලමකින් තොරතව, එක් පුද්ගලයෙක් හෝ කණ්‌ඩායමක් තවත් පුද්ගලයකු හෝ තවත් කණ්‌ඩායමක් සමඟ අන්තර්ක්‍රියාවෙහි යෙදෙයි. මෙම සන්නිවේදන පසුතලයෙහි හෙවත් අවස්‌ථාවෙහි සන්දේශ මූලයත්, සන්දේශ ග්‍රාහකයාත් දෙදෙනා අතර ඇති කායික දුර ඉතා ඛඟය. ඔබේ කාමර සගයා සමඟ, ඔබේ මහාචාර්යවරයා සමඟ කරන කතාබහක් මීට නිදසුන්ය. මෙම සන්නිවේදන පසුතලයෙහි සන්දේශ මූලය මෙන්ම සන්දේශ ග්‍රාහකයාද එක්‌කෝ එක් පුද්ගලයෙකු විය හැකිය. නැත්නම් ඊට වැඩි සමූහයක් විය හැකිය.
ඔබේ මහාචාර්යවරයාගෙන් "සර් මගේ නිබන්ධනය කියවලා දෙන්න පුළුවන්දැ" යි ඇසීමට පුළුවන. ඔබේ මිතුරාගෙන් "කිව්වද යකෝ අර පනිවිඩය" කියා ඇසිය හැකිය. මෙම පසුතලයෙහිදී විකේතනයද එක් පියවර ක්‍රියාදාමයකි. ධය කරන්නේ සන්දේශය අවබෝධ කර ගතහැකි ග්‍රාහකයාය. මෙහිදී ප්‍රතිපෝෂණය ක්‌ෂණිකය. දෘෂ්‍යමය සහ ශ්‍රව්‍යමය නාලිකා භාවිත වෙයි. මෙහිදී ඇති වන ඝෝෂණය එක්‌කෝ පාරිසරික බාධාය. නැත්නම් අර්ථ බාධාය.