සන්නිවේදන මූලධර්ම අතරින් අප අවසානයට සලකන්නේ පෝෂණයයි. සන්නිවේදන විද්‍යාඥයින්ගේ මතය නම් සන්දේශයක් නියමාකාරයෙන් යැවීමට කෙරෙන බාධාව ඝෝෂණයයි. සුළු ශබ්දයක් සමහර විට සන්දේශ ප්‍රේෂණයට බාධාවක් විය නොහැකිය. එහෙත් ශබ්දය විශාල වුව හොත් පළමුවේම ස්‌දේශය ළඟා වීමට නියමිත පර්යන්තයට ළඟා වීමට බාධා පැමිණෙයි. මේ නිසා සන්දේශයක් නියමාකාරයෙන් ප්‍රේෂණයට බාධාකරන ඝෝෂා තුන් ගණයකට බෙදෙයි.
1. අර්ථ බාධා.
2. යාන්ත්‍රික බාධා
3. පාරිසරික (භෞතික) බාධා.
ලංකාව වැනි රටක වුවත් සම්මත සිංහල භාෂාව තුළ නොයෙක් උපභාෂා ඇත. එමනිසා යම් යම් ප්‍රදේශවල පදවලට නියමිත අර්ථ වෙනත් පෙදෙසක වැසියකුට තේරුම් ගත නොහැකිය. කුරුල්ලන් වෙනුවට මොනරාගල වැසියෙක් සකලයන් යයි කියයි. ංප අම්මණ්‌ඩි යයි කියන්නේ කාන්තාවකටයි. එයද ගෞරවණීය නොවන අයුරිනි. උඩරට සමහර පළාත්වල අම්මණ්‌ඩි යනු මාමාය. පහතරට නැන්දම්මා යන පදය සහ නැන්දා යනු ගෞරවණීය පදයකි. ඝාතර ඔහේ යනු ගෞරවාන්විත පදයකි. ඹස්‌නාහිර පළාතේ වැසියන්ට එසේ කී කළ තරහ යයි. ථමුසේ සහ ඔයා යන පදද එසේය.
සන්නිවේදන ක්‍රියාදාමයට පරිබාහිර වූවත් සන්දේශ ප්‍රේෂණයට බාධා කෙරෙන විවිධ කරුණු පාරිසිරික බාධාය. සමහර පාරිසරික බාධා පාලනය කරන්නට සන්නිවේදකයාට නොහැකිය. කන්කරච්චලයෙන් පිරුණු අවන්හලක් තුළ සන්නිවේදකයාට චිත්‍රපට නිළියක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ නොහැකිය. සමහරක් පාරිසරික බාධා ඇති කරන්නේ එක්‌කෝ ග්‍රාහකයාය. නැත්නම් සන්දේශ ප්‍රේරකයාය. සමහර අවස්‌ථාවල සින්දු කියන සිවුරුහන් බාන අයට හෝ මේසයේ තබ්ලා ගසන අයට ඔබ කතා කරන්නට තැත් කර ඇද්ද? ඔහුට ඔබේ සන්දේශය නියත වශයෙන්ම ග්‍රහණය වීද? කෑකෝ ගසන රැස්‌වීමක් වාර්තා කරන ප්‍රවෘත්ති ලේඛකයාට කථිකයින්ගේ කතා හරි හැටි ශ්‍රවණය නොවේ. එයද පාරිසරික බාධාවකි.