ග්‍රාහකයා Receiver
 

ග්‍රාහකයා යනු සන්දේශයේ අවසාන ඉලක්‌කයයි. ග්‍රාහකයා තනි පුද්ගලයෙකු, කණ්‌ඩායමක්‌ හෝ ආයතනයක්‌ හෝ විශාල මිනිස්‌ සංඛ්‍යාවක්‌ද විය හැකිය. අද සන්දේශ ප්‍රේෂණය කරන සන්දේශ මූලයන්ට වඩා ඇත්තේ සන්දේශ ග්‍රාහකයෝය.


ප්‍රතිපෝෂණය :  සන්දේශ මූලය ප්‍රේෂණය කළ සන්දේශය වෙනස්‌ කිරීමට හෝ හැඩ ගැන්වීමට වුවමනා කරන ප්‍රතිචාර දැක්‌වීම ප්‍රතිපෝෂණයයි. සන්නිවේදන ප්‍රවාහයේ ආපසු ගමන ප්‍රතිපෝෂණයෙන් දැක්‌වෙයි. එතැනදී මුලින් සන්දේශය ප්‍රේෂණය කළ මූලය මෙම අවස්‌ථාවෙහි – ප්‍රතිපෝෂණ අවස්‌ථාවෙහි – ග්‍රාහකයා බවට පත් වෙයි. මුල් ග්‍රාහකයා නව මීලයක්‌ බවට පෙරළෙයි.


සන්නිවේදන වි

 

ද්‍යාඥයෝ ප්‍රතිපෝෂණය සක්‍රිය ප්‍රතිපෝෂණය සහ නිශේධාත්මක ප්‍රතිපෝෂණයයි දෙකකට බෙදති. ෂාමාන්‍යයෙන් සක්‍රිය ප්‍රතිපෝෂණයක්‌ ග්‍රාහකයාගෙන් ලැබුණු කල්හි සන්නිවේදන චර්යාය ප්‍රගතිගාමි වෙයි. නිශේධාත්මක ප්‍රතිපෝෂණය සිදු වූ කල්හි සන්නිවේදනය එක්‌කෝ වෙනස්‌ වෙයි. නැත්නම් අත්හිටැවෙයි.

මෙම දුරකථන සංවාදවලට සවන් දෙන්න.


චුම්බිද ?
ඔව් කතා කරනවා.
මම ජයම්පති. යාට ඉස්‌සරහ පුටුවෙ ඉන්න.
ඔයා අර හැම වෙලාවටම නාහෙ හාරන එක්‌කෙනා නේද?
ඔයා එච්චර දැක්‌කද? ඒක නිකම්ම වෙන දෙයක්‌. ඕනකමින් කරන්නෙ නැහැ. අද හැන්දෑවේ මම ගෙදර පැත්තෙ එන්නද?
ඔයාට ඔල්මාදද?


මෙය නිශේධනාත්මක ප්‍රතිපෝෂණයකි. මුල් ග්‍රාහකයා සන්දේශය අවසන් කරයි.


මනෝරි මම සරත්.
ආනේ. මම බලන් හිටියා කතා කරයි කියල. ඳැන් උණ හොඳද?
දැන් සුවයි. මට හෙට අනිද්දට එන්න පුලුවන්.
කොච්චර දෙයක්‌ද? ඔයා නොදැක්‌කම කල්පයක්‌ ගත වුණා වගේ.
එහෙනම් සදුදට හමු වෙන්නම ඕන.


මෙය සක්‍රිය ප්‍රතිපෝෂණයකි. මුල් ග්‍රාහකයා සන්නිවේදනයෙන් වඩාත් උනන්දු වෙයි.


ප්‍රතිපෝෂණය සක්‍රිය සහ නිශේධනාත්මක විය හැකිවා මෙන්ම එය ක්‌ෂණික සහ ප්‍රමාදි යනුවෙන්ද කොටස්‌ දෙකකට ද බෙදිය හැකිය. ක්‌ෂණික ප්‍රතිපෝෂණය ඇති වන්නේ ග්‍රාහකයාගේ ප්‍රතික්‍රියා සෘජුව සන්දේශ මූලයට ලැබෙන විටයි. ඔබ කතා කරන විට අසන්නන් හූ කියත් නම් හෝ අත්පුඩි ගසත් නම් ඔබට ලැබුණේ ක්‌ෂණික ප්‍රතිපෝෂණයයි. පොතක්‌ කියවා ඉවර වී මේ ලිව්ව මෝඩයා කව්දැයි ඔබ කියන විට එම ප්‍රතිපෝෂණය කතුවරයාට ලැබෙන්නේ ප්‍රමාදවයි. ග්‍රන්ථ කතුවරයා ගේ ලිපිනය හෝ දුරකථන අංකය සොයා ගෙන පණිවිඩය දෙන්නට ඔබට කල් ගත වෙයි. සමහර විට ඒ ප්‍රතිපෝෂණය ලැබීමට පැය ගණනක්‌ පමණක්‌ නොව දවස්‌ ගණනක්‌ද ගත විය හැකිය. නැත්නම් එය කවදාවත් නොලැබෙන්නට ද ඉඩ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017