සන්දේශ මූලය සංකේතනය කරන භෞතික නිර්මාණය සන්දේශයයි. අප කතා කරන විට අපේ කථනය සන්දේශයයි. අප ලියන විට කඩදාසිය මත පෑනින් සන්දේශය ඉදිරිපත් කෙරෙයි. රූපවාහිනී ජාලයක් හෝ මධ්‍යස්ථානයක් ඉදිරිපත් කරන වැඩ සටහන් එහි සන්දේශයයි. මානවයා සතුව විශාල ප්‍රමාණයක් සන්දේශ ඇත. ඔවුහු අවශ්‍ය අවස්ථාවල ඒවායින් ප්‍රේෂණයට සුදුසු සන්දේශ තෝරා ගනිති. කෙනෙකු යවන සන්දේශය “"හා", "බෑ" වැන්නකින් පටන් ගෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිංහල සාහිත්‍යයේ නැගීම දක්වා සංකීර්ණ විය හැකිය. සන්දේශ සමහරක් තනි පුද්ගලයෙකුට එල්ල කරන "බැහැපන් දොට්ට" වැන්නක් විය හැකිය. නැත්නම් ඩයනා කුමරියගේ අවමංගල්‍ය වැනි කෝටි ගණනකට ඉදිරිපත් කරන්නක් විය හැකිය. සන්දේශ කට වචනයෙන් ඉදිරිපත් කිරීම ලාබදායකය. ඝූදලක් වියදම් නොවන තරම්ය. සමහරක් සන්දේශ වලට විශාල ලෙස මුදල් වැය වේ