පැරණි චාරිත්‍රානුකුල විවාහය නීති රීති වලින් තොර නිදහස් සමාජ චාරිත්‍ර මත ගොඩනැගුන විවාහයක් විය.
අධිරාජ්‍යවාදීන් අප රට ආක්‍රමණය කිරීමත් සමඟ අපගේ බොහෝ සිරිත් විරිත් ඇවතුම් පැවතුම් මෙන්ම විවාහ චාරිත්‍රයන් ද නොයෙක් හැල හැප්පීම් වලට ගොදුරුවිය. මුහුදු බඩ ප්‍රදේශ රෝමානු ලන්දේසි පාලනයට යටත්ව තිබිණ. එම වකවානුව තුළ මුහුදුබඩ ප්‍රදේශවල විවාහය සහ දේපල උරුමය පිළිබඳව නීති රීති වලංගු කල ලන්දේසීන් පහතරට ප්‍රදේශයේ විවාහය නීති&`නුකුල කරනු සඳහා පල්ලියේ අත්සන තැබීම අනිවාර්ය කළහ. එම ලේඛණ තැන්පත් කර තැබුවේ කොළඹ - පිටකොටුවේ ආදුරුප්පු වීදියේ වූල් පැන්ඩෝල් පල්ලියේ ය. විවාහ වන සෑම යුවළක්‌ම ප්‍රථමයෙන් පල්ලියට යා යුතුය. මන්ද යත් විවාහ රෙජිස්‌ට්‍රාර් බලතල පැවරී තිබුණේ පල්ලියේ පියතුමාට ය.
ලන්දේසින් - ඉංග්‍රීසින් පල්ලියේදී ඉටුකළ සමහර බටහිර චාරිත්‍ර සිංහල චාරිත්‍ර ලෙස ඉටුකිරීමෙන් ඒ බව සනාත වනු ඇත.
වෙඩිං කේක් - විවාහ මුදුව - වේල් දැමීම ෆේස්‌වේල් යුරෝපීය ඇදුම, සවීදිය පිරීම වැනි චාරිත්‍ර සිංහල චාරිත්‍ර ලෙස සිතා සිටීම කනගාටුවකි.
අපේ නෑදෑයෝ
පියාගේ සීයා - සීයා, කිරිඅත්තා
පියාගේ මව - ආච්චී, කිරිඅම්මා, ආත්තම්මා
මවගේ පියා - ආතා, කිරිඅත්තා
මවගේ මව - ආච්චි, කිරිඅම්මා
මවගේ සහෝදරයෝ - මාමා
බිරිඳගේ පියා - මාමා
පියාගේ සහෝදරියගේ සැමියා - මාමා
පියාගේ සොයුරිය - නැන්දා
බිරිඳගේ මව - නැන්දා
මවගේ සොයුරාගේ බිරිඳ - නැන්දා
පියාගේ වැඩිමහල් සොහොයුරා - මහප්පා, ලොකු අප්පච්චි
පියාගේ බාල සොහොයුරා - බාප්පා, කුඩප්පා
මවගේ බාල සොයුරියගේ සැමියා - කුඩප්පා, බාලප්පා, බාලප්පොච්චි
මවගේ වැඩිමහල් සොයුරිය - ලොකු අම්මා, මහම්මා
පියාගේ වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ - පුංචි අම්මා, කුඩම්මා
මවගේ බාල සහෝදරියෝ - පුංචි අම්මා, කුඩම්මා
මවගේ සහෝදරයාගේ දුව - නෑනා
පියාගේ සහෝදරියගේ දුව - නෑනා
බිරිඳගේ සොයුරිය - නෑනා
පියාගේ සහෝදරියගේ පුතා - මස්‌සිනා
මවගේ සහෝදරයාගේ පුතා - මස්‌සිනා
බිරිඳගේ සොහොයුරා - මස්‌සිනා
සොයුරියගේ පුතා - බෑනා
දුවගේ ස්‌වාමි පුරුෂයා - බෑනා
සොයුරියගේ දුව - ලේලි
පුතාගේ බිරිඳ - ලේලි