සතර වරන් දෙවියන් උදෙසා පහන් දැල්වීම
ත්‍රිවිධ රත්න නමස්කාරය
සර්ව දේව අවසරය
සභාවෙන් අවසර ගැනීම
යුවළ පෝරුවට නැංවීම
උතුම් වූ දළුවර පිදීම
භුම දේවි අවසරය
පෝරුවේ සිටුවීමේ කියමන්
මංගල මුදු පැළඳවීම
තැල්ල බැඳීම
පිළි ඇන්දවීම
අත් කවුතුක බැඳීම
පැන් වැඩීම
ජයමංගල ගායනා
පෝරුව ඉදුල් කිරීම
හඟල හුරුළු ගෙන යුවළට සුභ පැතීම
පෝරුවෙන් බැස්සවීම
පොල්ගෙඩියක් බිඳීම
වැනි චාරිත්‍ර පද්ධතියක් ඉටු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය කාලය අනුව කවි ශ්ලෝක, අෂ්ඨක, චාරිත්‍ර ඉටුකරන මහත්මා විසින් තෝරාබේරාගෙන ගායනා කළ යුතුය.
පහන් දැල්වීම
පෝරුවෙන් බසින ලද නව යුවළ ප්‍රථමයෙන් ඉටුකළ යුත්තේ පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් පෝරුවේ කටයුතු නිමවා නැවත පොළොව ආකර්ශණයට පත් අභිනව ජයම්පතීන් පොල්තෙල් පහන දල්වා, තෙරුවන් සිහිකර අභිනව ජීවිතයේ වැඩකටයුතු ආරම්භ කිරීම යහපත්ය.
ප්‍රථම කිරිබත් පිඬ කැපීම
පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කිරිබත් හෝ කේක් කැපීම සිදුකරන අතර මෙය චාරිත්‍රයක් නොවුණත් චාරිත්‍රයකටත් වඩා මුල්තැනක් මේ සඳහා ලැබෙන බව පෙනීයයි. ජීවිතයේ උපතේ සිට සිදුවන සෑම වැදගත් අවස්ථාවකදී ම කිරි සහිත ආහාරයක් අනුභව කර සියළු කටයුතු ඇරඹීම සිංහල අපේ සිරිතයි. එනිසා අභිනව ජීවිතය ආරම්භ කරන මොහොතේ දී කිරිබත් කෑල්ලක් අනුභව කර ජීවිතයේ අනෙකුත් කටයුතු පටන්ගැනීම ඉතා හොඳය. බටහිර සිරිතට වඩා අප මුල් තැන දිය යුත්තේ අපේ කමට බව අප වටහාගත යුතුය.
නැකතට යුවළ පිටත්වීම
සියළු සංග්‍රහ සම්මාන ආදියෙන් අනතුරුව දෙමාපිය නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් සමුගෙන, මධු සමය ගත කිරීම සඳහා නව යුවළ පිටත් කර හැරීම වැඩිහිටියන්ගේ යුතුකමකි. ශුභ හෝරාව එළඹෙනතෙක් මංගල සභාවක් පැවැත්වීමද එදා සිට පැවතුණු සිරිතකි. එහෙත් වර්තමානයේ එවැනි කටයුතු අවඥාවට ලක්කර ඇතිබව දැකිය හැක. ඒ වෙනුවට නව යුවළට විවිධාකාරයේ වධ හිංසා පැමිණවීම (රැග්) සිදුකරති. මනාලියගේ 2දමාපියන්ගේ දෙපාවැද සතුටු කදුළු අතරේ ආශිර්වාද ලබමින් මධුසමය සඳහා පිටත්වයන තම දියණිය දෙස දෙමාපියන් බලා සිටින්නේ හද පිරි සෙනෙහසිනි.