අකුරු කියවීම නැතහොත් අත්පොත් තැබීම මංගල්‍යයකි. ළමුන් උදෙසා පැවැත්වෙන වැදගත්ම කාර්යය හැටියට විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි දරුවා කිරි වරණ අවදිය වන විට දරුවාගේ පෞරුෂය තීරණය වී හමාරය. ශාස්‌ත්‍ර ඥානය නැතහොත් දැන උගත්කම දරුවාට අවශ්‍ය වන්නේ මේ අවධියේ දී ය. දරුවා හොදින් බහ තෝරණ විය ලෙස ද මෙම කාල වකවානුව පැරැන්නෝ සැලකුහ. අවුරුදු 6 දී අකුරු කියවීම කළ යුතුය.
අකුරු කියවීම සිදු කරන්නේ පන්සලේ හාමුදුරුවන් හෝ උගත් ප්‍රභු වරයකි. නැකැත් ශාස්‌ත්‍රය අනුව නියමිත දිශාව බලා ශුභ මොහොතේ දී දරුවාට අකුරක් කියා දීම සිදු කරයි.
අත් පොත් තැබීමේ දී පැරණි අභිචාර විධි තවමත් පවත්වන අයුරු දැකිය හැක. ඥානයට අධිපති හැටියට සැලකෙන කිරිබත් පූජා කිරීම ප්‍රාථමික ගෝත්‍රික සමාජයේ සිට පැවත ආවක් බව සිතිය හැක. එසේම කලාවට අධිපති සරස්‌වතී දේවිය උදෙසා අත් පොත් තැබීමට ප්‍රථම පහන් දැල්වීම ද හැඳින්විය හැක.
වර්තමානයේ අකුරු කියවීමේ දී බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය වෙනුවෙන් මල් පහන් පූජා කොට ගණ දෙවියන් සහ සරස්‌වතී දේවිය උදෙසා ද පහන් දල්වා ආශිර්වාද ලබා ගෙන මෙම කාර්යය ඉටු කරනු දැකිය හැක.