නම් තැබීම ද මංගල්‍යයක් ලෙස පැරැන්නෝ සැලකුහ. නැකැත් කරුවන් ලවා උපන් වෙලාව අනුව සුදුසු අකුරකින් දරුවාට නම් තැබීම සිදු කෙරේ.
උපන් නැකතට අනුව තබන නාමය නක්‍ෂත්‍ර නාමය ලෙස ද දරුවා ඇමතීමට පහසුවනු පිණිස අභිමත පරිදි තබන නම - අභිප්‍රායි නාමය ලෙස ද පැරැන්නෝ සැලකුහ. ආයුර්වේදයට අනුව ඉපදී 11වන දිනයේ දී නම් තැබීම සිදු කළ යුතුය. එම දිනයේ දී දරුවා නහවා පිරිසිදු කර ආගමික වතාවත් ඉටුකර දරුවාගේ පියා විසින් නම් තැබීම සිදු කරනු ලබයි.
පුරාණයේ මේ සඳහා නැකැත් චාරිත්‍ර කරුවෝ මෙන් ම උගත් පඬිවරු ද සහභාගි වූහ.
එම බ්‍රාහ්මණයින් අතරේ කොණ්‌ඩඤ්ඤ බමුණා හැර අන් හත් දෙනම මෙම කුමරා ගිහිගෙයි විසුවොත් සක්‌විති රජ වන බවද, පැවිදි වුවහොත් ලොව්තුරා බුදුවන බවද ප්‍රකාශ කළහ. කොණ්‌ඩඤ්ඤ බමුණා පමණක් මෙම කුමරා ඒකාන්තයෙන්ම පැවිදිව බුදුබව ලබන බව ස්‌ථීරවම ප්‍රකාශ කළේය.
මෙතුමා සකල ලෝ වැස්‌සන්ට අර්ථ සිද්ධ කරණ (දියුණුව) හෙයින් සිද්ධාර්ථ නම් වන බවද ප්‍රකාශ කෙරිණි. නමක් තැබීමේ දී එහි අර්ථය පමණක් නොව උච්චාරණයට ද පහසු විය යුතුය. එපමණක් නොව උපන් වේලාවට අනුව ලග්නය, උදාවන නැකත, ඉපදුණ දිනයට අදාළ අක්‌ෂර පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.
ජ්‍යාතිෂයේ අපාය, අක්‌ෂර, මනුෂ්‍ය අක්‌ෂර, දිව්‍ය අක්‌ෂර යනුවෙන් අක්‌ෂර කොටස් තුනකට බෙදා ඇත.
එනම් :-
එ,ක,ය,ම,ර,ජ,අ,ණ,න,ළ,අං,අවාත ර
උ,ප,බ,ග,හා නර නමි තිරි වේ අම ර
සුර කර පෙර පසැ වැඩ දේ අවාක ර
නාසා සුබ සියල් නරකුරු මැදුම් ස ර
යනුවෙන් මෙහි දැක්‌වෙන පරිදි,
එ,ඒ,ක,ය,ම,ර,ජ,අ,ආ,ණ,න,ළ,අං යන අකුරු අපාය අක්‌ෂර ලෙස හැදින්වේ.
උ,ඌ,ප,බ,ග,හ,යන අක්‌ෂර මනුෂ්‍ය අක්‌ෂර ලෙසද,
ඉ,ඊ,ඔ,ඕ,ට,ඩ,ත,ද,ල,ව, දිව්‍ය අක්‌ෂර ලෙසත් හැදින්විය හැකිය.
ගණ යෙදීම පිළිබඳව ද අප ඉතා කල්පනාකාරි විය යුතුය. ජ්‍යාතිෂයේ ගණ අටක් පිළිබඳව සඳන් කර ඇත.
භුමි ගණය, දේව ගණය, චන්ද්‍ර ගණය, ජල ගණය, යන ගණ සතර සුභඵල දායක ගණයන් ලෙස හැදින්වේ.
සූර්& ගණය, අග්නි ගණය, වායු ගණය, ආකාශ ගණය යන ගණ සතර අසුභ ගණ ලෙස සඳහන් කර ඇත. නමක් තැබීමේ දී එහි පළමු අකුරු තුන ගණ භාවිතයේ දී සැලකිල්ලට ගත යුතුය.
ගුරු තුනක් යෙදූ නම ජය ගෙන දේ.
ලඝූ තුනක් යෙදේනම් ආයුෂ ගෙන දේ.
මුලට ගුරු මැද-අග ලඝූ නම් කීර්තිය ගෙන දේ.
මුල ලඝූ මැද-අග ගුරු යෙදේනම් සැපත, දියුණුව ගෙනදෙන බව ජ්‍යාතිෂයේ සඳන් කර ඇත.
මේ අනුව බලන කළ දරුවාට නමක් තැබීමේදී ඉතා කල්පනාවෙන් අර්ථ සිද්ධිය සැලසෙන ලෙස දැනුවත් අයෙකු ලවා එම කාරිය ඉටු කරවා ගැනීම වඩාත් යහපත්ය.