මුල් වතාවට දරුවාගේ කෙස් රොදක් කැපීම කේශ ඡේදන මංගල්‍යය - නැතහොත් චූලා කද්පන මංගල්‍යය යනුවෙන් ද හැදින්වේ.
දරුවා උපන් මොහොතේ ම වැදුම් ගෙයින් පිටතට ගෙන ඒමට ප්‍රථම වින්නඹු කාන්තාව විසින් දරුවාගේ කෙස් රොදක් කැපීම සිදුකරන අතර එසේ කරන්නට බැරි වුවහොත් නැවත දරුවාගේ කෙස් කැපීමට අවුරුදු තුනක් බලා සිටින්නට සිදු වේ. අවුරුදු තුනක් ඉක්‌මවීමට ප්‍රථම කෙස් කැපීමට පැරැන්නන් බියක් දැක් වූ බව පෙනෙන්නට ඇත. එයට හේතුව එසේ කළහොත් දරුවා ගොළු විය හැකි බවට මතයක් ජන සමාජය තුළ පැවතීමයි. ඒ අනුව අවුරුදු තුනක් ගිය පසු දරුවාගේ කෙස් කැපීම මංගල්‍යයක් ලෙස පැරැන්නෝ සැලකුහ.
නැකැත් වේලාවකට අනුව පන්සලේ හාමුදුරුවෝ හෝ වෙනත් වැඩි හිටියෙක් ලවා කෙස් කැපීම සිදු කරන අතර මංගල්‍යයක් සේ හැඳින්වුවද එහි යම් උත්සවයක ස්‌වරූපයක් නොගනියි.
එසේ කපන කෙස් රොද ගලා යන දිය පාරකට දැමීම සිරිතකි.
පැරැන්නන් විශ්වාස කළ ආකාරයට එම කෙස් රොද උපයෝගි කර ගනිමින් නොයෙක් අන-වින, කොඩි-වින කිරීමට ඉඩ ඇති බැවිනි.
මංගල කෙස්‌රොද කැපුවාට පසුව සුදුසු ලෙසට කැමති කෙනෙකුන් ලවා කොණ්‌ඩය කැපුවාට වරදක් නොමැත.