දරුවා ඉපදී මාස 4ක් යනතුරු දරුවා සහ මව බැහැරට පැමිණීම සිදු නොකරන අතර, මාස 4ක් ඉක්‌මවූ පසු දරුවා කුමාරාගාරයෙන් පිටතට ගෙන යෑම සිදු කරයි. බොහෝවිට දරුවා ආගමානුකුලව පූජනීය ස්‌ථානයක් වෙත රැගෙන යාම සිරිතකි.
මෙහිදී දරුවා ලැබීමට සිටින අවධියේදී සිදු කළ බාර හාර ඔප්පු කිරීම ද සිදු කරන අතර බොහෝ විට තරමක් ජනප්‍රිය ආගමික ස්‌ථානයක් කරා දරුවා රැගෙන යාමට දෙමාපියන් වැඩි කැමැත්තක් දක්‌වන බව පැහැදිලිව දැකිය හැක. විශේෂයෙන් දරුවා කුසතුළ සිටියදී පත්තිනි මෑණියන් උදෙසා බාර හාර වීම බොහෝවිට අප ඉටු කරන චාරිත්‍රයකි.
සමාජ සම්මත ලෙඩ රෝග ආදියෙන් මවත් දරුවාත් ආරක්‌ෂා කරගැනීම සඳහා බාර හාර සිදුකරන අතර දරුඵල ප්‍රමාද වූ විට ද දෙවියන් වෙත පැමිණ බාරහාර වීම වැඩිහිටියන්ගේ සිරිතකි. මෙවැනි බාරහාර නිසාම සිත් තුළ හටගන්නා උත්තේජන ප්‍රතික්‍රියා මත දරුඵල ලැබෙන අවස්‌ථා ද නැතිවා නොවෙයි.
විවිධ පළාත්වල ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික දේවාල සිද්ධස්‌ථාන වෙත ගොස් තමන් වු බාරහාර ඔප්පු සිද්ද කරන අතර පත්තිනි මෑණියන් සිහිකර දෙනු ලබන කිරිඅම්මා වරුන්ගේ දානය පිරිනැමීම ද වර්තමානයේ අප ඉටු කරන වැදගත් චාරිත්‍ර ධර්මයකි. වෙනත් දෙවිවරුන්ට වඩා අපේ සංස්‌කෘතිය තුළ බොහෝ චාරිත්‍ර-වාරිත්‍ර, සිරිත්-විරිත් පත්තිනි මෑණියන් මුල් කරගෙන සැකසී ඇති බව පෙනෙන්නට ඇත.

ජලෙනි දබෙනි සුරත් අඹෙනි උපන්නා
ගලෙනි කුළෙනි සළුවෙනි එක් වරක උපන්නා
එවෙනි මෙවෙනි සත්වෙනි රන් අඹෙනි උපන්නා
මෙවෙනි පතිනි තෙදිනි මෙලක්‌දිව බබළන්නා
- මල් යහන් කවි