රං කිරි කට ගෑම එදා සිදු වු වටිනා චාරිත්රයකි. එහෙත් එහි ඇති ගුණාත්මක භාවය පිළිබඳ අවබෝධයක් නොමැති අද සමාජය එම චාරිත්‍රය බැහැර කර ඇත.
රං කිරි කට ගෑම දරුවා උපන් මොහොතේ ම සිදු කළ යුතු බව පැවසෙසත්, රං කිරි කටගෑම සිදු කළ යුත්තේ දරුවා ඉපිද හත් මාසයක් ගත වූ පසුව බවට ද මතයක් පවතී. විවිධ පළාත්වල විවිධාකාරයට සිදුකරන මෙම කාර්යය නුවර කලාවියේ ඇතැම් ප්‍රදේශවල දරුවා ඉපදී පැය කීපයක් ගිය පසු ඉටු කරනු දැකිය හැක. රං කිරි කර ගෑමෙන් සංකේතවත් වන කරුණු කිහිපයක් ඇත. එනම් මවගෙන් කිරි උරන දරුවා බාහිරින් ලැබෙන කිරි හෝ වෙනත් සෙසු ආහාර ගැනීමේ අවදියට හුරු කිරීමේ මංගල අවස්ථාව හැටියට රං කිරි කට ගෑමේ මංගල්‍ය හැඳින්විය හැක.
මෙම චාරිත්‍රය ඉටු කරන්නේ මව හැර, පියා හෝ වෙනත් ඒ සඳහා සුදුසු වැඩි හිටියෙකි. එයින් අදහස් වන්නේ දරුවා මවගෙන් ඉවත් වී සමාජය සමඟ සමාජගත වීමේ ප්‍රථම අදියරට පැමිණැති බවයි.
පොල්කිරි හෝ එළකිරි බිංදු කිහිපයක් ගෙන ගලගා ගත් රං ස්වල්පයක් ඊට එක්කොට බැල තණ ගසක අග කෙලවරෙහි කිරි තවරා දරුවාගේ මුවෙහි තැබීම සිරිතයි. නමුත් සමහර පළාත්වල මෙම චාරිත්‍රය තම තමන් කැමති ආකාරයට ඉටු කිරීම බහුලව දැකිය හැක.
මෙම චාරිත්‍රය ඉටු කිරීමෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනය ද, සශ්‍රීකත්වය ද අපේක්ෂා කරන බව පැහැදිලිය. එමෙන් ම දෙරුවා සම්මත දෙයට පිටු නොපෑ යුතු බවට පණිවිඩයක් ද මහි ගැබ්වී ඇත. මේ ජන කවිය පරිශීලනයෙන් ඒ බව පැහැදිලිව තේරුම්ගත හැක.

ගං ගං පිට යන්ඩ එපා
පිල් පිල් පිට ඉන්ඩ එපා
අනුන්ගෙ බස ගන්ඩ එපා
ගැරඬියාට අං එනතුරු
ගෙබිත්තාගේ තන එනතුරු
අරටු කණුව ලියලන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවන්!