බාල සංස්‌කාරය
 

දරුවකු මෙ ලොවට බිහි වූ දා සිටම දරුවා වෙනුවෙන් විවිධ ආකාරයේ චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන් ඉටුකිරීමට අප පුරුදුව ඇත. එම චාරිත්‍ර වාරිත්‍ර ආගමික, ජ්‍යාතිෂය, ආයුර්වේදීය ලෙස විවිධ පසුබිම් යටතේ ඉටුකරනු අපට දැකිය හැක. දරුවකු ඉපදුණු මොහොතේ සිට එම දරුවා ශාරීරිකව, මානසිකව එම පරිසරයට ගැලපෙන ලෙස සකස්‌ කිරීම ආයුර්වේදයේ දී හදුන්වන්නේ බාල සංස්‌කාරය ලෙසිනි.


මෙම බාල සංස්‌කාර ධර්මයෝ පහළොවකි.

1. ජාත කර්ම සංස්‌කාරය
2. ප්‍රාණ ප්‍රත්‍යාගමන සංස්‌කාරය
3. නාභි කල්පනා සංස්‌කාරය
4. ස්‌වර්ණ ප්‍රාශන සංස්‌කාරය
5. රක්‌ෂා කර්ම සංස්‌කාරය
6. නාම කරණ සංස්‌කාරය
7. සූර්ය දක්‌ෂිණ චන්ද්‍ර දක්‌ෂිණ සංස්‌කාරය
8. නිෂ්ක්‍රමණ සංස්‌කාරය
9. ඵල ප්‍රාශන සංස්‌කාරය
10. උප වේශන සංස්‌කාරය
11. අත්න ප්‍රාශන සංස්‌කාරය
12. කර්ණ වේදන සංස්‌කාරය
13. චූඩා කර්ම සංස්‌කාරය
14. වේදා රම්‍ය සංස්‌කාරය
15. උපනයන සංස්‌කාරය
                  යනුවෙන් සඳහන් කර ඇත.

මෙම සංස්‌කාර ධර්මයෝ මඟින් දරුවා මානසික සහ ශාරීරිකව පරිසරයට හුරු කිරීම හා අදෘෂ්‍යමාන බලවේග තුළින් දරුවා ආරක්‌ෂා කිරීමද සිදුකෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017