පා සරඹ අභ්‍යාස පුහුණව සඳහා දන්ඩිකඳ නොහොත් දන්ඩියම භාවිතා කරයි. මෙය හරහට සිටවූ ලී කඳකි. නර්තන ශිල්පියා මෙය අල්ලාගෙන සරඹ පුරුදු පුහුනු වෙයි. නිසි ආකාරයෙන් මන්ඩිය තබා ගෙන ඇඟ සමබරව තබා ගැනීමට මෙය රුකුලක් වේ.
දන්ඩියම භාවිතයට හේතුව සාමන්‍ය සරල උදාහරණයකින් දක්වන්නේ නම්, පාපැදියක් පැදීමට පුහුණු වීමේදී අපට එකවර පාපැදිය මතට නැග පැදීම කල නොහැක. යම් අයෙකු විසින් පා පැදිය අල්ලාගෙන සිටින විට අපට සමබරතාවය රැකගත හැක. මේ අයුරින් ටික දිනක් පුරුදු වූ කල අපට සමබරව පාපැදිය හැසිරවීමේ හැකියාව ලැබේ.
නර්තන පුහුණුව සඳහා දන්ඩියම භාවිතා කරන්නේද ආධුනිකයාට ශරීරයේ සමබරතාවය රැකගනිමින් සරඹ පුහුනුව කර ගැනීමටය.