ආහාර දාමයක තිබිය හැකි පුරුක්‌ සංඛ්‍යාව සීමිත ය
 

149. තද අව්වේ සිටි අයකු කාමරයක්‌ තුළට පැමිණි විගස ටික වේලාවක්‌ යනතුරු හොඳින් කාමරයේ ඇතුළත නොපෙනේ.


ඇසට ඇතුළුවන ආලෝක ප්‍රමාණය තාරා මණ්‌ඩලය මඟින් කර්ණිකාවේ ප්‍රමාණය වෙනස්‌ වීමෙන් පාලනය වේ. තද අව්වේ දී කර්ණිකාව කුඩා වේ. තාරා මණ්‌ඩලය විශාල වේ. කළුවරට පැමිණි විට එය නැවත යථා තත්වයට පැමිණීමට මඳ වේලාවක්‌ ගතවීම නිසා ටික වේලාවක්‌ පැහැදිලි ව නොපෙනේ.


150. ඒඩ්ස්‌ රෝගියෙකු සෙම්ප්‍රතිශ්‍යාවෙන් වුව ද මිය යා හැකි ය.


ආසාදනවලින් වැළකී සිටීමට උදව් වන්නේ ප්‍රතිශක්‌ති පද්ධතියයි. ඒඩ්ස්‌ වෛරසය මගින් ප්‍රතිශක්‌ති පද්ධතිය විනාශ කරයි. එවිට එම පුද්ගලයාට ඕනෑ ම ආසාදනයක්‌ පහසුවෙන් වැළදී අසාධ්‍ය තත්වයකට පත්විය හැකි ය.


151. ආහාර දාමයක තිබිය හැකි පුරුක්‌ සංඛ්‍යාව සීමිත ය.


ජෛව ගෝලයට ශක්‌තිය ලබා ගන්නේ නිෂ්පාදකයින් මගින් පමණී. පෝෂී මට්‌ටමෙන් මට්‌ටමට සිදුවන ශක්‌ති සම්ප්‍රේෂණයේ දී විශාල ශක්‌ති ප්‍රමාණයක්‌ අපතේ යයි. වැඩි පුරුක්‌ සංඛ්‍යාවකට ශක්‌තිය සැපයීමට මුල් ශක්‌තිය ඉතිරි වන්නේ නැත. ඒ නිසා පුරුක්‌ සංඛ්‍යාව සීමිත වේ.


152. කල්ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.


ආප්ප සෝඩාවල ඇත්තේ සෝඩියම් බයිකාබනේට්‌ වේ. ආප්ප පිපීමේ දී පිටි තුළ මෙම NaHCO3 වියෝජනය වී කාබන්ඩයොක්‌සයිඩ් නිපදවී එමඟින් පිටි පිපේ. කල්ගත වූ සෝඩාවල තිබූ NaHCO3 වියෝජනය වී ඇත. ඒ නිසා ලැබෙන CO2 අඩු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017