144. විශාල අවතල පරාවර්තනක පාවිච්චි කොට සූර්යය උදුන් සාදා ශත හැකිය.
අවතල පරාවර්තක මඟින් සූර්යය තාපය එක් ලක්‌ෂ්‍යයකට නාභිගත කරගත හැකි ය. විශාල අවතල පරාවර්තක මඟින් වැඩි කිරණ ප්‍රමාණයක් මෙසේ නාභිගත කොට සූර්යය උදුන් සාදා ගත හැකි ය.
145. යකඩ කම්බියක පස් යට වළලා ඇති කොටස් පසට උඩින් ඇති කොටස්‌වලට වඩා පහසුවෙන් මල කෑමට ලක්‌වේ.
ලවණ හා අම්ල මඟින් මළ කෑම වේගවත් කරයි. පසෙහි විවිධ ලවණ හා අම්ල අඩංගු ය. පස යට ඇති යකඩ කොටස් ලවණ හා අම්ල සමඟ ස්‌පර්ශ වීම නිසා මල කෑම වැඩිය.
146. හුණු බදාමය කල් යාමේ දී ශක්‌තිමත් වේ.
147. සහල්වල කලවම් වී ඇති ගල් හා වැලි ගැරීමෙන් ඉවත් කළ හැකිය.
සහල්වලට වඩා ගල්වල හා වැලිවල ඝනත්වය වැඩි ය. ගැරීමේ දී ඝනත්වය වැඩි වැලි හා ගල් නෑඹිලියේ රැඳෙමින් හාල්වලින් වෙන්වේ.
148. අමුවෙන් ආහාරයට ගන්නා පලාවර්ග ලුණු ද්‍රවණයකින් සෝදා ගැනීම සෞඛ්‍යයට හිතකර ය.
අමු ආහාරවල රෝගකාරක ක්‌ෂුද්‍ර ජීවීන් සිටිය හැකි ය. ලුණු ද්‍රාවණයක් මගින් ක්‌ෂුද්‍ර ජීවීන් විනාශ වේ. එනිසා සෞඛ්‍යයට හිතකරය.