140. දිගු කාලයක් ගතවන විට කළුගල් පර්වතවල පොළොව යට වූ කොටස්‌වල මෙන් නොව පොළොව මතුපිට වූ කොටස්‌වල පතුරු ගැලවේ.
පොළොව යට කොටස්‌වලට වඩා මතුපිට කොටස්‌වලට උෂ්ණත්ව වෙනස් වීම් වැනි පරිසර විපර්යාස වැඩිපුර බලපායි. එවිට අක්‍රමවත් ප්‍රසාරණයන් හා සංකෝචනයන් සිදුවේ. එම නිසා කොටස් ඉරිතැලීම් හා පිපිරීම්වලට භාජනය වේ.
141. කැපුණු ධමනියකින් හා කැපුණු ශිරාවකින් ලේ පිටවන ආකාරය වෙනස්‌ය.
ධමනිවලින් ලේ විඳීම සිදුවේ. (වැඩි පීඩනයකින් ගලයි) ශිරාවලින් අඩු පීඩනයකින් ලේ ගලයි. ධම නිසා ශිරාවලින් ලේ ගැලීම වඩා ඉක්‌මනින් නතර වේ.
142. විද්යුත් උපකරණවල ලෝහ වැස්‌මක් ඇති විට යඑට බිම් කම්බියක් සවිකර තැබේ.
ලෝහ හොඳ විද්යුත් සන්නායකයකි. විදුලි කාන්දුවක දී ලෝහ වැස්‌ම ස්‌පර්ශවීමෙන් අනතුරු සිදු වේ. මේ නිසා ලෝහ කවරය බිම් ගන්වා ඇත.
මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව 20-20000 Hz වේ. බල්ලාගේ ශ්‍රව්‍යතා සීමාව ඊට වඩා පුළුල් ය. එම නිසා බල්ලාට සංඛ්‍යාත වැඩි ප්‍රමාණයක ශබ්ද ඇසේ.