136. සමහර පැපොල් ගස්වල මල් හටගැනෙන නමුත් කිසි විටෙකත් ගෙඩි හට නොගැනේ.
පැපොල් ද්වි ගෘභි වේ. එනම් එහි ඡායාංගි මල් සහ පූමාංගි මල් සහිත ශාක වෙන වෙනම ඇත. මල් පිපුණ ද පරාගණය සිදු නොවන අවස්ථාවල ගෙඩි හට නොගනී.
137. කිසියම් තැනැත්තෙකු වැඩි වේලාවක් කුසගින්නේ සිටි විට බඩ දැවිල්ලක් ඇති වේ.
ආමාශය තුළට, ආමාශයික යුෂයට අමතරව එච්.සී.අයි. අම්ලය ස්රාවය වේ. කුසෙහි ආහාර ඇති විට මෙම අම්ලය තනුක වේ. කුසගින්නේ සිටි විට ආමාශයේ ආස්තරය (බිත්තිය) මත අම්ල ක්රියා කිරීම නිසා දැවිල්ල ඇති වේ.
138. වෙළඳ පොළෙහි ඇති කරවල නරක් නොවී වැඩි කාලයක් විවෘතව තබා ගත හැකි වුව ද මාළු එලෙස වැඩි කලක් විවෘතව තබාගත නොහැක.
කරවල වල ජලය අඩු ය. ලුණු වැඩි ය. එම තත්වය ක්ෂුද්ර ජීවි වර්ධනයට හිතකර නොවේ. එහෙයින් මාළු මෙන් නොව කරවල නරක් නොවේ.
139. පැතලි අඩි සහිත සපත්තුවකට පෑගුණු විට දැනෙන වේදනාවට වඩා උල් වූ අඩි සහිත උස සපත්තුවකින් පෑගුණු විට ඇතිවන වේදනාව වැඩි ය.
පැතලි අඩි සපත්තුවකට වඩා උල් අඩි සපත්තුවකට පෑගුණු විට ශරීර බර කුඩා ක්ෂේත්රඵලයක් මත යෙදේ. එබැවින් හට ගන්නා පීඩනය වැඩිය. වැඩි වේදනාවක් ද දැනෙන්නේ එබැවිනි.