132. කාමර උෂ්ණත්වයේ පවතින ලෝහමය පෘෂ්ඨියක් ස්‌පර්ශ කළ විට අතට සිසිලක් දැනෙන නමුත් කාමර උෂ්ණත්වයේ පවතින ලී පෘෂ්ඨයක් ස්‌පර්ශ කළ විට එසේ සිසිලක් නොදැනේ.
ලෝහ හොඳ තාප සන්නායක වන අතර ලී තාප කුසන්නාටක වේ. ලෝහය ස්‌පර්ශ කළ විට අතෙන් තාපය ලෝහය වෙත ගලා යාම හොදින් සිදුවේ. එවිට අතට සිසිලසක් දැනේ. ලී දිගේ හොඳින් තාපය ගලා නොයන නිසා අතෙන් ලී වෙත එලෙස තාපය ගලා යාමක් සිදු නොවේ.
133. ගසක් කැපූ විට එහි පොළොවට සම්බන්ධ මූල පද්ධතිය සහිත කඳ කොටසෙන් යම් ජලීය ස්‍රාවයක් දින කීපයක් යන තුරු පිටතට ගලා යනු පෙනේ.
134. ආහාර පිසීමේ දී භාවිත කරන හැඳිවල මිට බොහෝ විට ලීයෙන් තනා ඇත.
ආහාර පිසීමේදී භාවිත කරන හැඳි ඉක්‌මනින් රත් වේ. ලී තාප පරිචාරක ද්‍රව්‍යයකි. එහෙයින් අතට තාපය සන්නායනය නොවේ.
135. ඇතැම් ශීතල දිනවල උදෑසන කතා කරන විට කටින් දුම් පිටවන ආකාරයක් දිස් වේ.
සීතල දිනක උදෑසන පරිසර උෂ්ණත්වය, ශරීර උෂ්ණත්වයට වඩා බොහෝ අඩුය. ඒ නිසා කතා කරන විට කටින් පිට කෙරෙන වාතයෙහි ඇති ජල වාෂ්ප ඝනීභවනය වී ජල බිඳිති සෑදේ. මෙම ජල බිඳිති දුමක් සේ දිස්‌වේ.