120. මුහුදු වෙරළ අයිනේ ඇති පොල්ගස් මුහුද දෙසට නැවී වැඩෙයි.
මුහුද දෙසින් ලැබෙන සූර්යයාලෝක ප්‍රමාණය අනික් පැතිවලට සාපේක්‌ෂකව වැඩි ය. පොල් ගසේ කඳ ධන ප්‍රභාවර්තී චලන දක්‌වයි. මේ අනුව හොඳින් සූර්යයාලෝකය ලැබෙන මුහුද දෙසට පොල් ගස් නැවී වැඩෙයි.
121. රබර් වගාවේ දී බීජවලින් ලබාගත් පැළ සිටුවීමට වඩා බද්ධ කළ පැළ සිටුවීම යෝග්‍ය වේ.
රබර් පැළ බද්ධ කරන්නේ වාසි දායක ලක්‌ෂණ ඇති කර ගැනීමයි. බීජවලින් ලැබෙන පැළ වල වාසිදායක මෙන් ම අවාසිදායක ලක්‌ෂණ ද තිබිය හැකි ය. ඒ නිසා වාසිදායක ලක්‌ෂණ පමණක් පගා ගැනීමට බද්ධ කළ පැළ සිටුවීම යෝග්‍ය වේ.
122. රබර් බෝලයක් අගේ වැදීමෙන් ඇතිවන වේදනාවට වඩා එම තරමේ ම ක්‍රිකට් බෝලයක් (ලෙදර් බෝලයක්) එම වේගයෙන් ම වැඳීමෙන් ඇතිවන වේදනාව වැඩි ය.
ක්‍රිකට් (ලෙදර්) බෝලයක් රබර් බෝලයකට වඩා ස්‌කන්ධයෙන් වැඩි ය. එම නිසා වේගය සමාන වුව ද ස්‌කන්ධය වැඩි ක්‍රිකට් බෝලයේ ගම්‍යතාව (චාලක ශක්‌තිය) සාපේක්‌ෂව වැඩි ය. එම ගම්‍යතාව වෙනස් කිරීමට යෙදීමට සිදුවන බලය ද සාපේක්‌ෂව වැඩි නිසා ක්‍රිකට් බෝලය වැදුණ විට වේදනාව වැඩි ය.