පා සරඹ හැදින්වීම
 



නර්තන ශිල්පියාගේ පාදය නර්තනයට අදාලවන සේ සකස්‌ කරගැනීම හා නර්තනය සදහා සිරුරේ සමබරතාවය සකස්‌ කරගැනීමට පා සරඹ අභ්‍යාසය ප්‍රගුණ කලයුතුය. උඩරට පහතරට හා සබරගමු යන කිනම් නැටුම් සම්ප්‍රදායන් ගත්තත් ඒ ඒ සම්ප්‍රදායට අනුකූල පා සරඹ ඇත. සබරගමු සම්ප්‍රදායේදි මෙය දොඹින පද ලෙස හදුන් වන අතර අනෙක්‌ සම්ප්‍රදායන් හි පා සරඹ ලෙස හදුන් වයි.
 
 කිනම් සම්ප්‍රදායක උවද ආධුනික නැටුම් ශිල්පියා විසින් මූලිකව හා පලමුව කලයුතු නර්තන අභ්‍යාසයි පා සරඹ අභ්‍යාසය. සෑම සම්ප්‍රදායකම පා සරඹ ගණනින් 12 ක්‌ වන අතර සැම සරඹයකටම පොදු එක්‌ හමාර පදයක්‌ වේ.
 
 පා සරඹ අභ්‍යාස තුලින් පහත සඳහන් හැකියාවන් ලැබෙයි.
 
 * නර්තනයේ නියැලෙන විට වැදගත් ම සාධකය වන මණ්‌ඩිය ( මැණ්‌ඩිය ) නිසි ලෙස සකස්‌ කර ගැනිම.
 * ශරීරයේ සමබරතාවය හා නම්‍යතාවය ඇතිවීම.
 * පාදය නිසි ලෙස තබමින් ලය අනුව නැටීමට හැකියාව ලැබීම.
 
 පා සරඹ අභ්‍යාසයන් සඳහා බෙර වැයීමක්‌ සිදු නොවේ. නර්තන ශිල්පියා විසින් ම පද ගායනා කරමින් සරඹ කිරීම මෙහි සම්ප්‍රදායයි.

(c) Shilpa Sayura Foundation 2006-2017