116. නිසල ජල පෘෂ්ඨයක් කැලඹූ විට එහි පාවෙමින් තිබුණු ලී කැබැල්ලක් සිරස් ව ඉහළට හා පහළට චලනය වන නමුත් තරංගය සමඟ ඉදිරියට ගමන් නොකරයි.
මෙහිදී ඇතිවන්නේ තීර්යක් තරංග වේ. තරංග සමඟ තරංගය චලිත වන දිශාවට ජලය නොයයි. ජල අංශු චලිත වන්නේ ඉහළටත් පහළටත් ය. ලී කැබැල්ල ඉහළටත් පහළටත් චලනය වන්නේ ඒ නිසාය.
117. හැන්දෑවන විට තෝර, මාර, කතුරුමුරුංගා ආදී ශාකවල පත්‍ර හැකිලේ.
මෙමශාකවල තිබෙන්නේ පත්‍රිකා රැසකින් යුත් සංයුක්‌ත පත්‍ර වේ. එම ප්‍රධාන සංයුක්‌ත පත්‍රයේ නටුවේ මුල ද පත්‍රිකාවල නටුවල මුල ද ගැටයක් සේ මහත් වූ ස්‌ථානයක් බැගින් ඇත. මේවා උපධාන නම් වේ. හැන්දෑවන විට මෙම උපධාන සෛලවල සෛල බිත්තිවල පාරගම්‍යතාව වැඩි වේ. ඒ නිසා එම උපධාන සෛලවලින් වෙනත් තැන්වලට ජලය බැහැරව යයි. එහි ප්‍රතිඵලය ලෙස උපධාන සෛලවල ශුනතාව අඩු වේ. ඒවා ක්‍රමයෙන් විශුන වේ. ඒ නිසා උපධාන වලින් පත්‍ර හැකිළීම සිදුවේ.
118. නිඳිකුම්බා ශාක ඇල්ලු විට කොළ හැකිළේ.
නිඳිකුම්බා ශාකයක් ඇල්ලූ විට, ක්‌ෂණිකව පත්‍රවල හා පත්‍රිකාවල උපධාන සෛල විශුන වීම නිසා කොළ හැකිළීම සිදු වේ.
119. අයනික සංයෝගවල දවාංකය සහ තපාංකය උච්ඡ ය.
අයනික සංයෝග සෑදෙන්නේ මූල ද්‍රව්‍යවල පරමාණු අතර ඉලෙක්‌ට්‍රෝන හුවමාරු වී, ස්‌ථායී ධන හා සෘණ අයන සෑදී, එම අයන එකට දැඩි ව ආකර්ෂණය වීමෙනි. ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත ධන හා සෘණ අයන අතර දැඩි ආකර්ෂණය නිසා ඒවායේ ද්‍රවාංක හා තාපාංක උච්ඡ ය.