112. ද්‍රව්‍යයක් දහනය වීමෙන් සෑදෙන මුළු බර, දහනයට භාජනය වූ ද්‍රව්‍යයේ මුල් බරට වඩා වැඩි ය.
දහනය වීමේ දී සිදුවන්නේ යම් ද්‍රව්‍යයක් ඔක්‌සිජන් හා එකතු වීමයි. ඒ නිසා සෑදෙන මුළු ඵලවල මුළු බර, දහනයට ගත් ද්‍රව්‍යයේ බරට වඩා වැඩි ය.
113. පක්‌ෂීන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා නක්‌ෂත්‍ර දුරේක්‌ෂයක් භාවිත කිරීමට වඩා ප්‍රිස්‌ම දෙනෙතියක් භාවිත කිරීම යෝග්‍ය වන්නේ ය.
114. මිරිස් පැළයකට රසායනික පොහොර ද්‍රාවණයක් දමා පැය කිහිපයකින් එය මලානික විය. යඑට වැඩිපුර ජලය දැමූ පසු යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්විය.
මූලකේශ තුළ, සාන්ද්‍රණයට වඩා වැඩි ලවණ සාන්ද්‍රණයක් පිටත තිබීම නිසා ජලය ශාකයෙන් පසට ඉවත්වීම නිසා ශාකය මැලවේ. වැඩිපුර ජලය දැමූ පසු පිටත ද්‍රවණයේ සාන්ද්‍රනය, මූලකේශ තුළ සාන්ද්‍රණයට වඩා අඩු වේ. ඒ නිසා පසෙන් මූල කේශ ත’;ළට ජලය උරා ගනී. එබැවින් නැවත ශාකය ප්‍රකෘත්තිමත් වේ.
115. යම් ද්‍රව්‍යයක්, විශාල කැට වශයෙන් යෙදීමට වඩා සිහින් කුඩු වශයෙන් ද්‍රාවකයකට එකතු කිරීමෙන් දිය කිරීම පහසු කර ගත හැකි ය.
කැට වශයෙන් තිබිය දී ට වඩා කුඩු වශයෙන් ඇති විට ද්‍රාවකයේ ගැටෙන වර්ගඵලය වැඩි ය. ඒ නිසා ද්‍රාවකය තුළ කුඩු දිය වීම ඉක්‌මන් ය.