නිරතුරුව ම කෘමිනාශක යොදන කුඹුරක්‌ අසල තිබෙන ගෙවතු වගාවක පලදාව අඩු වේ
 

103. සාන්ද සල්ෆියුරික්‌ අම්ලය සිරුරෙහි ගෑවුණු විට තදවල පිළිස්‌සීම ඇති කරයි.


සාන්ද්‍ර සල්ෆියුරික්‌ අම්ලය ඉතා ඔක්‌සිකාරක අම්ලයකි. ඒ නිසා සිරුරේ තැවරුණු විට පටක සමඟ ප්‍රතික්‍රියාවක්‌ ඇති වේ. සාන්ද්‍ර සල්ෆියුරික්‌ අම්ලය ප්‍රබල විඛාදක අම්ලයකි. මේ හේතු නිසා ආන්ද්‍ර සල්ෆියුරික්‌ අම්ලය ශරීරයේ තැවරුණු විට ජලය ඉවත් කරමින් තදබල පිළිස්‌සිම් ඇති කරයි.


104. ඇලුමීනියම්, යකඩවලට වඩා සක්‍රිය ලෝහයක්‌ වුව ද යකඩ තරම් පහසුවෙන් විඛාදනය නොවේ.


ඇලුමීනියම් කැබැල්ලක බාහිර පෘෂ්ඨයේ ඇති ඇලුමීනියම් පරමාණු වාතය සමඟ ප්‍රතික්‍රියා වීමෙන් ඇලුමීනියම් ඔක්‌සයිඩ් සෑදේ. ඇලුමීනියම් ඔක්‌සයිඩ් දැඩි අපාරගම්‍ය තට්‌ටුවක්‌ සේ බැඳී පවතින නිසා ඇලුමීනියම් කැබැල්ලේ ඇතුළත ඇලුමීනියම්, වාතය හා ගැටීම වළකී. ඒ නිසා ඇලුමීනියම් විඛාදනය වීම වළකී. ්‍රයකඩ මල පහසුවෙන් කැඩී ඉවත් වී යයි. ඒ නිසා ඇතුළත යකඩ තව තවත් මල බඳී.


105. ප්‍රධාන විදුලි සම්ප්‍රේෂක කම්බියක එල්ලෙන වවුලෙකුට විදුලි සැර වැදිය හැකි වුවත්, එම කම්බිය මත සිටින ගේ කුරුල්ලෙකුට විදුලි සැර නොවදී. 



වවුලා එල්ලී සිටින විට උගේ සිරුර සජීව හා උදාසීන යන කම්බි දෙකේ ම එකවර ගෑවේ. ඒ නිසා වවුලාට විදුලි සැර වදී. ගේ කුරුල්ලා එක්‌ කම්බියක්‌ මත පමණක්‌ වසා සිටී. ඌ කුඩා නිසා එකවර සජීව හා උදාසීන යන කම්බි දේකේ ම ගෑවෙන්නේ නැත. ඒ නිසා ගේ කුරුල්ලාට විදුලි සැර නොවදී.

106. නිරතුරුව ම කෘමිනාශක යොදන කුඹුරක්‌ අසල තිබෙන ගෙවතු වගාවක පලදාව අඩු වේ.



කෘමිනාශක නිසා විනාශ වී යන්නේ අහිතකර කෘමීන් පමණක්‌ ම නොවේ. කෘමිනාශක භාවිතය නිසා පරාගණයට උදව් කරන කෘමීන් ද විනාශ වේ. ඒ නිසා පරාගණය අඩු වේ. එබැවින් පලදාව අඩු වේ. වී අස්‌වැන්නට මෙය බල නොපාන්නේ වී පරාගණය වන්නේ වාතය මඟින් වීම නිසයි.

(c) Shilpa Sayura Foundation 2006-2017